ITN සභාපති පුටුව සුදත් රෝහණට

Sudath Rohana
ITN ආයතනයේ නව සභාපතිවරයා ලෙස සුදත් රෝහණ මහතා පත් කිරීමෙන් අනතුරුව අද වැඩ භාර ගැනීම සිදු වුණා.
නිදහස් කලා සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි.
නිදහස් කලා සන්ධානය හැටියට අපේ යෝජනාව වුනේ කලා කරුවන් ගේ ආයතනයකට අවශ්‍ය වන්නේ හුදු පරිපාලක යෙකු නොව කලාව හා කලාකරුවන් හදුනන නිර්මාණශීලි අයෙකු බවයි. එය දැන් ලැබිල තියෙනව. අපගේ පලවෙනි ඉල්ලීමම පිලි අරගෙන ආයතනය නිසා පුද්ගලයා බැබලෙන ක්‍රමය පැත්තකට දමා පුද්ගලයා නිසා ආයතනය බැබලෙන ක්‍රමයකට විතැන් වීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ටත්අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ටත් ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ටත් අපගේ ගෞරවය පුදකරන අතර මෙතෙක් සිටි විෂය භාර අමාත්‍යවරයා විසින් දේශපාලන මඩගොහොරුවක් බවට පත්කර තිබූ I T N ආයතනය නිර්දේශ පාලනීකරනය කර නැවත ත් අංක එකේ නාලිකාව බවට පත්කිරීමට සුදත් රෝහණ සහෘදයා ට හැකිබව අප දන්නා අතර ඒ සදහා ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා. එසේ ම කලකදී ඔය ආයතනයේ සිටි මෝඩ වාහෙලා කිහිපදෙනෙක් විසින් නිදහස් කලා සන්ධානය නැමැති පෙට්ටි කඩයේ සභාපති ලෙස හඳුන්වනු ලැබූ සුදත් රෝහණ සහෘදයාම අද ඒ ආයතනයේ සභාපති වීම දෛවයේ කෙබඳු සරදමක් ද. සභාපතිතුමනි ඔබට සුභපැතුම්.
ලාල් කුලරත්න.