මම කැමතියි විවිධ අධ්‍යක්ෂකවරු සමග වැඩ කරන්න, මෙතෙක් නොකී රංජි කියන රස කතා

36990650_865686996974237_8595159582924341248_n

ගම: රත්නපුර කුරුවිට

නම: රොහාන් ඉන්දික විජේතුංග

පළමු ටෙලෙනාට්‍ය :

බොහිමියානුවෝ එය බොහෝ සම්මාන උළෙලවල් වල බොහෝ සම්මානයන්ට පාත්‍ර උණු ටෙලිනාට්‍යක් රොහාන් විජේතුංග ගැන මතකයක් ප්‍රේක්ෂකයින්ට  නැතුව ඇති. එතරම් කැපීපෙනුණු චරිතයක් නෙවෙයි එහි මම නිරුපනය කලේ. නමුත් එය මගේ ආරම්භය වීම ගැන ගොඩක් සතුටුයි.

රොහාන්ව  ප්‍රේක්ෂකයින් හඳුනා ගන්නේ රංජි අයියා විදියට වුනාට මීට  කලින්  රංගනයෙන් දායක වුනු නිර්මාණ  තිබෙනවා :

ඔව් මිට කලින් මේඩි  සිනා, කළු කුරුල්ලා වැනි නාට්‍ය වලට සම්බන්ධ වුනා එත් දැන් ලංකාවේ කොහේ  ගියත් මම තනිවෙලා නෑ  රංජිගෙන් අදුරගන්න මාව දැන් මාරසිංහ,කාබුල් ලෙසත් අඳුරගන්නවා.

මේ දිනවල විකාශය වන කෝටිපතියෝ සහ සිල්ලර සමනල්ලු බොහෝ සෙයින් එක සමානයි නේද:

ඔව් කොටිපතියෝ ඉන්නෙත් තරුණයින් තුන්දෙනෙක් සිල්ලර සමනල්ලු  ඉන්නෙත්  තරුණයින් තුන්දෙනෙක් නමුත් රංජිට ආවේනික දේවල් මම කාබුල්ට එකතු කරන්නේ නෑ. මම වෙනම විදියකට කාබුල්ට නිරුපණය කරනවා. එකට අවශ්‍ය දේවල් රොහාන් තුලින්  එකතු කරනවා. ඒ වගේම මේ දිනවල  මෙඩි සිනා සහ නීල පබළු විකාශය වෙනවා. ඒවත් වෙනස් වෙනස් විදියටයි මං නිරුපණය කරන්නේ. ඒ විතරක් නෙවෙයි කලුකුරුල්ලා හි  ඩිංගියා හුලන් ගෙදර මාරසිංහත් මං නිරුපණය කලේ වෙනස් ආකාරයන්ගෙන්. අද මං  සතුටු වෙනවා මට වෙනස් වෙනස් චරිත  නිරුපණය  කරන්න අවස්ථාව ලැබිල තියනවා. ඒ මගේ මුණ නිසා  ඒකට හේතුව  මගේ මූන ලංකාව තුල  ප්‍රේමවන්තයෙකුට ගැලපෙන්නේ නෑ. මොකද ලංකාවේ රාමුවක් තියෙනවා ප්‍රේමවන්තයා ලස්සන  විය යුතුයි කියලා. නමුත් යම් අධ්‍යක්ෂකවරයෙක් තීරණය කලොත් මගේ මුණ ප්‍රේමවන්තයාට ගැලපෙනවා කියල මට මගේ දක්ෂතාවය පෙන්නන්න  පුළුවන්.  එදා මගේ මුනට මං වෛර කලා  එත් අද මං මගේ මුනට ගොඩක් ආදරේ කරනවා.

සිල්ලර සමනල්ලු සහ කෝටිපතියෝ එකිනෙකට අභියෝගයක්ද :

දෙකම ජනප්‍රියයි මම කරන චරිත වලින් කාබුල්ට වඩා  තාමත් රංජි  ප්‍රබලයි  එකකට එකක් අභියෝගයක් වෙනවට වඩා දෙකම ජනතාව වැළඳ ගැනීම සතුටක්  දෙකම එක හා සමානව ජනප්‍රියව පවතවාගෙන යාම තමයි මං අභියෝගයක් විදියට දකින්නේ.

thumbnail-5-768x1087ර්ර්ර්ර්-729x1024

රොහාන්ව එකම අධ්‍යක්‍ෂකවරයෙක්ට කොටුවෙලාද :

නෑ එහෙම කියන්න බෑ. මම විවිද අධ්‍යක්‍ෂකවරු යටතේ වැඩ කරනවා. නමුත් මම ක්ෂේත්‍රයට එන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මාගේ ටෙලි නාට්‍ය හරහා ඔහුගේ ටෙලිනාට්‍ය තුල තමයි මට විවිධ චරිත නිරුපණය කරන්න ලැබෙන්නේ. හොඳම උදාහරණය තමයි බොහිමියානුවා. මෙඩි සිනා වලට සම්බන්ධ කරන්නෙත් ඔහුමයි. ඉන්පසු එතුමාගේ කලුකුරුල්ලා,හාරකෝටිය සහ හුලං ගෙදර රඟපානවා සහ දැන් කෝටිපතියෝ. වැඩියෙන් වැඩකරලා තියන්නේ එතුමා සමග මේ වෙද්දී මට හමුවෙලා තියනවා සංජය  නිර්මාල්,  සඳුන් රාජකරුණා, ප්‍රසන්න ඉත්තෑපාන,සඳරුවන්  ජයවික්‍රම  වැනි අධ්‍යක්ෂකවරු.  මම ක්ෂේත්‍රයට ඇවිත්  වැඩි කාලයක් නොවන නිසා එහෙම කියන්න බෑ. මොකද මට ගොඩක් අය එක්ක වැඩ කරන්න තරම් කාලයක් තාම ගතවෙලා නෑ. මම කැමතියි විවිධ අධ්‍යක්ෂකවරු සමග වැඩ කරන්න, විවිධ චරිත නිරුපණය කරන්න සහ එතකොට මට පුළුවන් රොහාන් කවුද කියලා පෙන්වන්න.

රොහාන්ගේ විලාසිතා සහ රංජිගේ  විලාසිතාගැන කතා කලොත්:

රංජිගේ කොන්ඩ මෝස්තරයට රොහාන් කැමති නෑ. එත් මම රංජි වුනාම එකට කැමතියි.ඒක මට කරදරයක් නෙවෙයි. මාව ජනතාව අඳුරගත්ත කොන්ඩ මෝස්තරය සහ රැවුල  ඒක. මම සාමාන්‍යයෙන් කිසිම විලාසිතාවක් කරන්නේ නැහැ. ඇඳුම් පවා අදටත්  අරන් දෙන්නේ එක්කෝ අම්මා, අක්කා නැත්නම් පෙම්වතිය. ඒ ගැන මට ලොකු උනන්දුවක් නෑ. අරන් දෙන එකක් අඳිනවා. කොන්ඩේ  ඔහේ වැවෙනවා රැවුල ඔහේ වැවෙනවා makeup artist කෙනෙක් කිව්වම කොන්ඩේ කපමු රැවුල කපමු කියල ඔහුට අවශ්‍ය විදියට චරිතයට අවශ්‍ය විදියට හදනවා.

වැඩිපුරම කැමති රොහාන් කියනවටද රංජි කියනවටද :

මට කොහොම කතා කලත් කතා කරන්නේ මට කියල දැනෙනවානම් ඒ සම්බන්ධතාවය මත මම ප්‍රතිචාර දක්වනවා, සතෙක්ගේ නමක් කිව්වත්  ප්‍රතිචාර දක්වනවා. මට කෙනෙක් බල්ලා  කිව්වත් ඒ  සම්බන්ධතාවය අනුව, කතා කරන ස්වරය අනුව මම ප්‍රතිචාර දක්වනවා.ඒක ආදරනීයද, මිත්‍රශීලියිද, කෙන්තියෙන්ද මමත් අදාල විදියට ප්‍රතිචාර දකවනවා.  ඒක  ඔහුගේ හෝ ඇයගේ ආචාරශීලිත්වය මත පදනම් වෙනවා. කතා කරන විදිය මට ආදාල නෑ හරියට වතුර ටිකක් දාන භාජනයේ හැඩය ගන්නවා වගේ. හැබැයි මට වඩා  වයසින් ගොඩාක්  වැඩි මගේ අම්ම තාත්තගේ වයසට සමීප කෙනෙක් මට මල්ලි කියනවට වඩා මම කැමතියි  පුතා කියනවට. මාත් එහෙමයි වයසින් වැඩි කෙනෙක්ට නැන්දේ මාමේ කියලා තමයි කතාකරන්නේ. හැබැයි ඒකට  ඔහු හෝ ඇය අකමැති නම් මම නංගි මල්ලි කියල කතා කරනවා. හැබැයි ඒ  හදවතින් නෙවෙයි. ඒ මගේ හැටි.

  පුංචි කාලේ ඉඳන් බලාපොරොත්තුවක් තිබුනද නළුවෙක් වෙනවා කියල 

අනේ නෑ. මම ආසවුනේ රුපවාහිනී නිවේදකයෙක් වෙන්න. මං TNL එකේ තිරපරීක්ෂණයට පවා සහභාගී වෙලා සමත්වෙනවා. නමුත් මාව  විශ්වවිද්‍යාලයට තේරෙන නිසා මට ඒ අවස්ථාව මග හැරෙනවා. එහිදී තමයි  මම විෂයක් විදියට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නේ.