MCC අහෝසි කිරීමට සජිත්ගේ සහාය

MCC - Sajith
එම්.සී.සී ගිවිසුම අහෝසි කිරීම සඳහා තමන් වත්මන් ආණ්ඩුවට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිනෙන විට එම්.සී.සී ගිවිසුම මෙන්ම තවත් බොහෝ ගිවිසුම් අහෝසි කරන බවට ප්‍රතිඥා දුන් බවයි.
ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කිරීමට තුනෙන් දෙකක බලයක් නොව හයෙන් පහක බලයක් ලබා දීමට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහය දැක්වීමට සූදානම් බවත් එම්.සී.සී ගිවිසුමට තමන්ද පෞද්ගලිකව විරෝධය පළ කරන බවයි ඒ මහතා කියා සිටියා.