මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි විශ්වවිද්‍යාල ආයතනයක්

Bandula

ජනමාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක් පිහිටුවන අතර ඒ සඳහා වසර 2020 දී බඳවා ගැනිම ආරම්භ කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, මාධ්‍යවේදී තාරුණ්‍ය සඳහා අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි උසස් ඩිප්ලෝමාවක් ලබා දීම සඳහා මාධ්‍ය සඳහා වන විශ්ව විද්‍යාල විද්‍යායතනයක් දින සියයක් ඇතුළත ආරම්භ කරන බවයි . මාධ්‍යවේදීන් සඳහා විවිධ ඩිප්ලෝමා ලබා දීම විවිධ මාධ්‍ය ආයතන හරහා සිදු කෙරෙන බවත්,එසේ වුවද,මෙම පාඨමාලාව සඳහා ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයින් හා ආචාර්ය,මහාචාර්යයවරුන් ගේ සහයෝගය ලබා ගන්නා බව ද මෙහිදී පැවසුවා එසේම මේ සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා වසරකට සිසුන් 500-1000ක් අතර බඳවා ගන්නා බව පැවසු අමාත්‍යවරයා, සති අන්තය හා පස්වරුවේ දේශන පැවැත් වීමට සැලසුම් කර ඇත.