එජාපය තමන්ගේ ඒවා වහගන්න නාඩගම් මවනවා / විදෙශ් ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා

Prasanna Ranathunga
කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුව යන අත ගැන Boston Lanka අපට කියූ දේ
නව ඇමතිධුරය ගැන මොකද හිතෙන්නේ ?
රටේ ආර්ථිකයට බලපාන විෂයන් කිහිපයකම අමාත්‍යංශ යටතේ ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මේක තාවකාලික ආණ්ඩුවක්. භාරකාර ආණ්ඩුවක් තුල අපි ආදර්ශයක් ලබා දීලා තියෙනවා. බාර දුන් වගකීම නිසිලෙස කරන්න උපරිම ලෙස කැප වෙනවා.
මත්තල ගුවන් තොටුපලේ ක්‍රියාකාරිත්වය හදන්නේ කොහොමද ?
මත්තල ජනතාවගේ මුදල් වලින් හැදුවේ. පහුගිය රජය එහි වී ගබඩා කරලා විනාශ කළා. රටේ පාලකයන් නොකළ යුතු විශාල පහත් ක්‍රියාවක් ඒක. දැන් මේවා යථා තත්වයට ගේන්න වැව කරනකොට ඒවාට වියදම් වෙන්නෙත් රටේ ජනතාවගේ මුදල්. නැවත ගුවන් තොටුපල යථා තත්වෙට පත් කලාට පස්සේ පරිපාලනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්චා කරලා දේශීය විදේශීය සමාගම් වලට මේ ආයතනයත් එක්ක වැඩ කරන්න එන්න කියලා මම යෝජනා කරන්න කැමතියි.
MCCහි අලුත්ම තත්වේ මොකද්ද ?
පසුගිය කැබිනට් මණ්ඩලයේදී කමිටුවක් පත් කළා මෙම ගිවිසුම පිළිබදව අධ්‍යනය කරලා කැබිනට් එක දැනුවත් කිරීමට. ඒ අනුව ඉදිරියේදී ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නවා. මේ ගිවිසුමේ රටට හානි දායක වගේම වාසිදායක කරුනුත් තියෙනවා. ඒවා අධ්‍යනය කර ඒවා අපේ රටට හිතකරද කියා බැලිය යුතුයි. පහුගිය කාලේ හිටපු ජනාධිපති පත්කළ කමිටුව මෙය අහිතකර බව පැවසු නිසා තමයි නැවතත් එම සැකය තහවුරු කර ගැනීමට කැබ්නට් මණ්ඩලයේ ඉල්ලීම උඩ තවත් කමිටුවක් පත් කළේ. දැන් මේ සම්බන්දයෙන් වගකීම අපේ රජයට තියෙනවා. කොහොමත් රටට අහිතකර කිසිවකට අපි එකඟ වෙන්නේ නැහැ.
එදා ඔබලා විරුද්ධ වෙලා අද සකක්ච්චා කරන්නේ ඇයි ?
තිබුන එකට අපි සම්පුර්ණයෙන් විරුද්ධයි. දැන් බලන්නේ වාසිදායක දෙයක් තියෙනවා නම් එක රටට ගන්න
සිව්ස් තානාපති නිලධාරිනියගේ සිදුවීම නවත්ත ආණ්ඩුව ආන්දෝලනයට තුඩු දුන්නා නේද ?
ඒක රංගනයක්. මේක බොරුවක් කියලා ඔප්පු වෙලා ඉවරයි. බොරු බිල්ලෝ මවලා මිනිස්සුන්ට හිරිහැර කරන්නේ  කියලත් දැන් හෙළි වේවි.ඔය කියන පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රයෝජන ගත්තා දේශපාලන පළි ගැනීම් වලට. එජාපයේ ප්‍රබලයන්ම තමයි ඔය කියන නිලධාරීන් රට යවන්නේ. නීතියට යටත්ව කටයුතු කරන ආණ්ඩුවක් ආවම දැන් ඔය බිල්ලෝ මවපු බොරු කාරයෝ භය වෙලා. තමන්ව අනාවරණය වෙයි කියලා. ඒ නිසා සමහරි රටින් පයිනවා. දැන් කල ඒවා හෙළි වෙයි කියලා බයට ඒවා වහන්න කරන දේවල්. එජාපය දැන් තමන්ගේ අවුරුදු හතරමාර ගැන බයෙන් ඉන්නේ
බදුම්කරේට මොකද වෙන්නේ ?
පාර්ලිමේන්තුවට ලබන 3 වැනිදායින් පසු ඉදරිපත් කරනවා. අපි ඒක ගැන දිගටම කතා කළා සාධාරණයක් ඉටු කරනවා. හොරු අල්ලනවා. ඒ වගකීම අපේ රජය නිතියනුකුලව ගන්නවා.
ඉදිරි මැතිවරණ කටයුතු වලට සුදානම කෙසේද ?
අපි අන්තවාදීන් සමඟ සන්ධාන හදන්නේ නැහැ. රටේ ජනතාව ඇත්ත බොරුව දන්නවා. රට යන වෙනස පැහැදිළිව ජනතාව භුක්ති විදිනවා. ඒ නිසා තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන්න ජනතාව පෙළ ගැහිලා අවසන්.