යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර සහන සැපයීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතවෙයි

20191207_floodsfhq-cen_21
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මහජන ජීවිත සහ දේපළවලට සිදුවන ආපදා සහ අලාභ පිළිබඳව අනතුරු අඟවමින් දිවයිනේ පළාත් කිහිපයකම මුදාගැනීමේ, අළුත්වැඩියා කිරීමේ සහ සහන සේවා සැපයිමේ මෙහෙයුම්වල යුද්ධ හමුදා භටපිරිස් මුලතිව්, කිලිනොච්චි, මධ්‍යම සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයන්හි අඛණ්ඩව නිරත වෙමින් සිටිනවා.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින සන්ධ්‍යාවේ බණ්ඩාරවෙල, ඔබ්බඩ ඇල්ල ප්‍රදේශයෙහි නායයෑමට ලක්ව දුම්රිය ගමන් මාර්ගය මතට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කර දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට සමත්වුණා.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම හදිසි ආපදා අවස්ථාවට සිය දායකත්වය ලබා දී තිබෙනවා.
මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් දෙසැම්බර් මස 5 සහ 6 දිනයන්හි නායයෑමට ලක්වූ පස්සර සහ ස්ප්‍රිංවැලිවත්ත ප්‍රදේශයේ මෙන්ම 6 වන සැතපුම් කණුව අසල මාර්ගවල ගමනාගමනය ඇණහිට තිබු බැවින් 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භටපිරිස් පස් ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වන අයුරුත් දැක ගැනීමට හැකි වුණා.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් කඩිනමින් එම පස් සහ ගල් ඉවත් කර මාර්ගය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. ඒවගේම, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් සිකුරාදා (6) දින ඒ 35 මාර්ගයේ වල්ලිපූරාම් කෝවිල වෙත කඩිනමින් ගොස් අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් හානියට පත් පාලමේ බිම් පෙදෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනවිරත්න විසින් “ඇති වන හදිසි ආපදා තත්ත්වයන් හිදී අවශ්‍ය සේවය සැපයීමට සූදානම්ව සිටින” ලෙස එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙත දැනුම්දෙන ලදී. තවද, 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්. කස්තුරිමුදලිගේ ගේ අධීක්‍ෂණය යටතේ 9 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් 682 සහ 683 වන බලසේනා භටපිරිස්හි සහයෝගය ඇතිව අඩි 16 x 80 ක් දිග පාලමක් ප්‍රතිසංස්කරණය කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කරලීමට සමත්වෙලා.
එසේම, මරිටිමෙපට්ටු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොමලමුනේ කැළණි පාලම අවට ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවී පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 8 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව මුදාගැනීමට 593 වන බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සමත් වූ අතර පීඩාවට පත්වූ පුද්ගලයින් ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කිරීමත් ප්‍රසංසනීයයි.
593 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී.ආර්. පලම්කුඹුර ගේ අධීක්‍ෂණය යටතේ මෙම හදිසි මෙහෙයුම දියත් කළා.
මේ අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ 222 වන බලසේනාවේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගංවතුර තර්ජනයට ලක්ව ඇති සිත්තරු සමගිපුර ප්‍රදේශයේ ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වූ අතර එමගින් සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබුණා. ඒවගේම දිගටම භටපිරිස් වැලි කොට්ට අතුරා ගං ඉවුරේ ආරක්‍ෂාව තව දුරටත් තහවුරු කරලා
20191207_floodsfhq-cen_01 20191207_floodsfhq-cen_2220191207_floodsfhq-cen_0320191207_floodsfhq-cen_17