සිහිනයක ස්වරයේ දක්‍ෂයින් අතරින් තාරුක සෙනෙවිරත්න

2
විදේශීය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බොස්ටන් ලංකා ප්‍රථම වරට සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් රියලිටි වැඩසටහන ගායන හැකියාව ඇති දකෂකයින් සොයා ගිය ගමනක් ඇත. සිහිනයක ස්වරයේ දක්‍ෂයින් අතරින් අති දක්‍ෂයින් කිරුළු පැළදි ඒ උත්කර්ෂවත් මොහොතේදී සිව් වන ස්ථානයට පැමිණි රියලිටි තරුව බවට පත් වූයේ තාරුක සෙනෙවිරත්නය. මේ ඔහු අපට මුණ ගැහුණ මොහොතකි.
ඉතිං තාරුක අපි ලංකාවේ විස්තර එක්ක අපේ කතාව පටන් ගමුද ?
ඔව් මගේ මුල් ගම අනුරාධපුරේ. ශිෂත්වය විභාගෙන් මම සමත් වෙලා රෝයල් විදුහලට ඒමත් එක්ක අම්මලත් සේරම කොළඹ පදිංචියට ආවා. අක්කලා 3 දෙනෙක් ඉන්නවා. මම තමයි බාලම. අම්මයි තාත්තයි දෙදෙනාම දැන් විශ්‍රාමිකයි.
කොහොමද එතකොට ඇමරිකා ගමන ?
මම ආවේ උසස් අධ්‍යාපනයට. 2010 උසස් පෙළ  අවසන් වෙලා ආවේ. දැන් ඉලෙක්රිකල් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරනවා. දැන් විවාහකයි.
ඒ  කාලේ කොහොමද සංගීතයට  යොමු වුණේ ?
පොඩි කාලේ ඉදලා මුයිසික් වලට පුදුමාකාර ආසාවක් තිබ්බේ. තාත්තා තමයි ගොඩක්ම කැමති. පුංචි කාලේ එතකොට මට අවුරුදු 3ක් විතර ඇති. අනුරාධපුරේ තිබ්බා ෂෝ එකක්. එක මට මතක විදියට තාත්තා වැඩ කළ බැංකුවෙන් තමයි ස්පොන්සර් කලේ. කොහොමහරි තාත්තා මට ලඟට ඇවිල්ලා කිව්වා ස්ටේජ් එකට නැගලා සිංදුවක් කිව්වොත් මවුටන් බයිසිකලයක් අරන් දෙනවා කියලා. මම ඉතීන් ඒ ගැම්මට නැගලා කිව්වා “දවසක් පැල නැති හේනේ ” ගීතය. රෝයල් විදුහාලේ “සාගා” ෂෝ එක 2004 අපි තමයි පටන් ගත්තේ. ගෙදර වගේම පාසලේ සංගීතයේ කල ඒවා නම් ගොඩයි.
ඔහු ඒ මතක අතරින් සිනහසෙන්නට වුණා. බොහොමයක් මතක තුළ පියා මව මෙන්ම ඔහුගේ විදුහල ගෑවී තිබුණා.සංගීතය වගේම ඔහු රෝයල් හි ක්‍රියා අතරත් ජනප්‍රිය චරිතයක් වෙලා ඉදලා. කොහොම වුනත් එවන් සුන්දර මතක සටහන් ගොඩයි. ලියන්න  ගියොත් කෙටි කරන්න වෙනවා එහෙම කෙටි කළොත් ඒ සත්‍ය කතා විකෘති වෙනවා ඒ නිසා අපි මේ කතාව එතැනින් නතර කරමින් අපේ ඊළඟ ප්‍රශ්නෙට ගියේ මෙහෙම ….
159
කියන්නකෝ බලන්න බොස්ටන් ඩ්‍රීම් වොයිස් එකට සම්බන්ද වුණේ කොහොමද ?
මට මගේ යාළුවො තමයි කිවුවේ. මෙහෙ ආවමත් මම විවිද ෂෝ වලට සම්බන්ද වුණා. ලංකාවේදී අපේ අක්කා රියලිටි ෂෝ එකකට දාලා තිබ්බත් මට යන්න වුණේ නැහැ. ඒ නිසා මේක මගේ රියලිටි පළමු අත්දැකීම
ඔබත් බිරිදත් දෙදෙනාම මේ සදහා සහභාගී වෙනවා. කොහොමද ලද අත්දැකීම ?
පළමු වරට ලද මේ අත්දැකීම කියල වැඩක් නැහැ. අපි ගොඩක් කට්ටිය ඇදුනා ගත්තා. විනෝදකාමියි වගේම හරිම උද්යෝගයක් තිබ්බා අපිට. මගේ බිරිද ශලිනි බණ්ඩාරනායක 40 දෙනා දක්වා පැමිණියා. මෙහෙම රටක ඉන්නකොට මෙවන් අත්දැකීමක් හරිම වැදගත්. මම ස්තුති වන්ත වෙනවා බොස්ටන් ලංකා හි චිත්‍රාල් ට.
හිතනවද ඔබට බිරිදට සාධරන විනිශ්චයක් ලැබුණා කියලා ?
ඔව් මම හිතන් හිටිය 5 දෙනෙක් හිටියා. එකෙන් 4ක්ම ආවා. හැමෝම දක්ෂයි.
මොනාද දැන් ඔහේ ඉදලා කරන්න හිතන සංගීත පැත්තේ වැඩ ?
 බොස්ටන් ලංකා එක හරහා අපිට ගීතයක් කිරීමේ අවස්ථාව තියෙනවා. එක ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මෙහෙ ෂෝ තියෙනවා. කොහොමත් හැමදාම ගිටාර් එක අරං සිංදුවක් කියන්න අමතක වෙන්නේ නැහැ.
1110
ඔබ ජීවිතය සාර්ථක කර ගත්ත තරුණයෙක් විදියට ගොඩ යන්න හිතන අනෙක්  තරුණයන්ට මොකද කියන්නේ ?
මෙහෙමයි. අපි කරන දේ මොකක් වුණත්, කුමන රැකියාවක් වුණත් තමන් දක්ෂ මොනාටද කියලා හොයාගෙන ඉස්සරහට යන්න ඕන. එක විභාගයක් අසමත් වුණා කියලා එතනින් මුළු ජිවිතයම ඉවරයි කියලා හැලෙන්න හොද නැහැ. ඕනෑම දේක සෙකන්ඩ් චාන්ස් එකක් තියෙනවා.විශේෂයෙන් විභාග ප්‍රථිපල වලින්නම් ජිවිතේ නවත්ත ගන්න එපා.බොහෝ  පැති තියෙනවා. සුදුසු දක්ෂ පැත්ත තෝරන් ඉහළටම යන්න
 ලංකාවේ විතරක් නෙමෙයි පිට රටක වුණත් සිටින ඕනෑම කෙනෙක්ට ඔහු එලෙස අවසානයේ කියූ කතාව මහඟු අධර්ශයකි. සැබවින්ම එසේ විය හැකි නම් ඕනෑම කෙනෙක්ට සාර්ථක වීම පහසු වනු ඇත.
641312314