දන්නා චරිතෙක නොදන්නා පැත්තක හීනත් අරන් යන ගමනක අරුතක්

Lakruvani

ලක්රුවනි ප්‍රනාන්දු අප දන්නා හදුනන චරිතයක්.  නුවර මුල්ගම් වූ ලක්රුවනි කුඩා කල සිට නර්තනය ගායනය වගේම රංගනයට එක ලෙස හපන්කම් දැක්වූ චරිතයක්. පාසලේ විවිධ තරඟ ඔස්සේ තම කෞශල්‍යයන් විදහාමාන කරමින් ඇය පැමිණි ගමනක් ඇත. මෙවර 2019 රාජ්‍ය සිනමා සම්මාන උළලේ දී මොටර්බයිසිකල් චිත්‍රපටයේ ගයනා කල හීනත් අරන් එන්න ගීතය ඔස්සේ ඇය හොදම ගායිකාවට ලැබෙන සම්මානය සදහා ද නිර්දේශ වූවාය. අද දවසේදී ඇය ඇමරිකාවේ කැලිෆෝනියා ගත කරන ජීවිතයකි. සියල්ල සමග අපිට ඇයව මෙලෙස එකතු කර ගැනීමට නිමිත්ත වන්නේ බොස්ටන් ලංකා සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් තරඟාවලියයි. එහි තෙවන ස්ථානයේ කිරුළට හිමිකම් කියනට සමත්වූ මැය ලංකාවේදී පුද්ගලික රැකියාවක උසස් තනතුරක් දරමින් ද මුළු දිවයිනටම සාමදාන විනිශ්චකාරවරියක් වෙමින්ද කලා කටයුතුද එක ලෙසට කරගෙන ගියාය. හඩ ශිල්පිණියක නර්තන ශිල්පිණියක වේදිකා මෙන්ම නාට්‍ය සහ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිණියක මෙන්ම ගේයපද රචිකාවියක් ලෙසින් එක් එක් කාල වලදී සිය කලා ප්‍රතිභාවන් විදහාමන කල තවත් කලාකරිනියක් ලෙසින්ද ඇයව වර්ණ ගැන්විය හැකිය. එකීමෙකී සියල්ල සමග ඇයගේ ගමන ගැන බොස්ටන් අප සිදු කළ සජීවී සංවාද සටහනකි මේ….

51

කොහොමද ලක්රුවනි, මෙහෙන් හීනත් අරන් ඔයා ඔහේ ගිහිං නේද ?
හදිස්සියේ වුණ දෙයක්. “මම දෙවියන් වහන්සේට ස්තුති වන්ත වෙනවා හැමදාම මට දීපු සියළු දේට වගේම මගේ ටැලෙන්ට් සියල්ලටම” …
අපේ කතාව ඇරඹුණේ ඔන්න ඔහොම ….
මුලින්ම අහන්න ඕන කොහොමද කැලිෆෝනියා ජීවිතය ?
දැන් ඇවිල්ලා වසර 3ක්. හරිම කාර්ය බහුලයි. පුතාට දැන් අවුරුදු 12ක්. පුතයි මහත්තයි ලංකාවේ. ඒ දෙන්නව මතක් වෙන එක තමයි ඉවසන්නම බැරි. නිතරම අපි කතා කරනවා ඒත් පුතාව මතක් වේවී හැමදාම අඩනවා..
දරුදුක සියල්ලට පොදු වූ සත්‍යකි. ඇගේ ස්වර පවා ඒ ශෝචනියත්වය විරහව කාන්සිය මනාව අපට එක ලෙසට දැනවිය.
හරි අපි ඕක පොඩ්ඩකට අමතක කරලා ඔයාගේ පොඩි කාලෙට යමුද? ඒකාලේ කලාවට යොමුවුණේ කොහොමද ?
මම පොඩි කාලෙත් හරිම ආසයි කලාවට. නර්ථනය ගායනය දිගටම විෂයක් විදිහට හැදෑරුවා. වේදිකා නාට්‍ය අභාෂය ඉහළින් ලබා ගත්තා.අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ගමන් කලාවට යොමු වුණා. කොහොමත් පොඩි කාලේ ඉදලා බෑන්ඩ් පිස්සුව නම් තිබ්බා
32
බොස්ටන් ඩ්‍රීම් වොයිස් වලට සම්බන්ද වීම කොහොමද දැන්නෙන්නේ ?
ෆේස් බුක් එකෙන් තමයි දැක්කේ. මේක මෙහෙ පළමු වරට පැවැත්වූ දෙයක්. හරි පුදුමයි මෙහෙම තරඟයක් පැවැත්වීම ගැනත්. මම ලංකාවේදී සිරස සුපර්ස් ස්ටාර් ගායනා තරඟයෙන් අවසන් 100යට පැමිණියා. ඒ ඔස්සේ රියලිටි අත්දැකීමක් තිබුණත්  මේක අළුත්ම අත්දැකීමක් වුණා.
අපි වෙන රටක වැඩ එක්ක බෙහෙවින්ම කාර්ය බහුල වෙලා ඉන්නේ. එවන් පරිසරයක ගතට හිතට මනසට ඩ්‍රීම් වොයිස් හොද ඔසුවක්. අනික මේ තරඟාවලිය හරහා මෙහෙ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව පවුලක් වගේ එකට එකතු වුණා. ගොඩක් අයව අදුර ගත්තා. ඒ ලස්සන අවස්ථා හරි වටිනවා.
රියලිටි අත්දැකීමුත් තියෙන නිසා, කියන්නකෝ රියලිටි ගැන ඔබේ පෞද්ගලික අදහස මොකද්ද ?
මම සාමන්‍යයෙන් කිසි දෙයක් විවේචනය කරන්න යන්නේ නැහැ මම මට කළ හැකි උපරිමය කරනවා. ඉතින් මම හිතනවා මම මගේ වැඩේ හරියට හොදටම ඉටු කළා කියලා.
ගෙදර අයගෙන් ලැබුණ සහයෝගය කොහොමද ?
මගේ අම්මා තාත්තා කලාවට බෙහෙවින්ම ප්‍රියයි. තාත්තා ලක්දාස් ප්‍රනාන්දු  රංගනය වගේම ජායා රූප ශිල්පයත් ප්‍රගුණ කල අයෙක්. පොඩි කාලේ අම්මා සුවිනීතා පෙරේරා තමයි අපිව ලගට අරන් සිංදු කියන්නේ. අද මගේ පුතා හැමෝටම වඩා හොදට ගායනා කරනවා. වාද්‍ය භාණ්ඩ වලටත් ඔහු දක්ෂයි. සේරම බලාගෙන ඉතිං හස්බන් හැමදේටම පස්සෙන් ඉන්නවා.
මේ තරඟය ගත්තම පුතා තමයි කිව්වේ “ඔන්න අම්මා ගිහින් දිනන්න ඕන” කියලා. ඉතිං ජනග්‍රහණය මිස් වුණ එක ගැන පොඩි දුකක් තියෙන්නේ පුතාගේ ඉල්ලීම ඉටු කර ගන්න බැරි වීමත් එක්ක. තරඟදී සිංදු තෝරනකොට ලංකාවේ කොච්චර රෑ පාන්දරද කියලා බලන්නේ නැහැ. මම හස්බන් ටිරෝන්ට කෝල් කරනවා. හැමදාම වගේ මේ වෙලෙත් එයාලා මාත් එක්කම හිටියා.
ඔහේ ගියත් හරි කලාව මග හැරිලා නේද ?
දැන් ඉන්නේ වෙනස්ම ශේෂ්ත්‍රයක. අනික නිදහසකුත් නැහැ. ඒකයි මුලිකම හේතුව. ඒත් මෙහෙ ෂෝ තියෙනවා. ඒවා වලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. බොස්ටන් ලංකා එකෙනුත් අපිට අපේම නිර්මාණයක් කරන්න අවස්වතාවක් දීලා තියෙනවා. ඒකත් සම්පුර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි කාලේ ඉදලා මුයිසික් ඇගේ තිබ්බ දෙයක් සංගීතය නම් කවදාවත් නැති වෙන්නේ නැහැ.
මේවන විට ඇය විසින්ම රචිත ගීත නිර්මාණ කිහිපයක්ම ඇය රසිකයන්ට ලබා දී අවසන්ය. ජිවිතේ සමහර ස්ථර වලදී අපට යම්යම් තීරණ සතුටින් හෝ දුකින් හෝ ගැනීමට සිදු වේ. එවන් කැපකිරීමක් සමග කාල පරිච්ජේදයක් ලක්රුවනි ගත කරමින් සිටියි. කෙසේවෙතත් ඇයගේ නිර්මාණ ඉදිරියේදී එළි දකිවී යැයි සුභ හීනෙත් ඇයට දීලා අපි ඇයට මෙලෙසින් සමු දුන්නා
By Ashanthi W.