ස්විස් සිදුවීමේ වර්තමාන තත්වය

Swiss 2
මේ දින වල වැඩියෙන්ම කතා වෙන්නේ ස්විස් සිද්ධිය. ඒ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සාමාජිකාවක් පැහැර ගත් බව කියන සිද්ධිය. මේ වන විට මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා තිබෙනවා.
එමෙන්ම ස්විට්සර්ලන්තය සඳහා ද සමගාමීව අක්ත ගන්වා සිටින ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති, කරුණාසේන හෙට්ටිආරච්චි මෙම පරීක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සඳහා ළඟදීම ස්විට්සර්ලන්ත බලධාරීන් හමුවීමට නියමිතයි.
ඉකුත් නොවැම්බර් 25 වනදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් මෙලෙස පැහැර ගෙන ගොස් යළි මුදා හැර ඇති බවටයි වාර්තා පළ වුණේ ඇයව සුදු වෑන් රථයකින් මෙලෙස පැහැර ගත් බවට සදහන් වෙමින්. එහිදී රජයල එල්ලවූ චෝදනාවකුත් තියෙනවා. කොහොම වුනත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට ආණ්ඩුව වහාම පියවර ගෙන තිබෙනවා.
මෙතෙක් සිදුවීම ගැන පැමිණිල්ලක් නම් නැහැ ඒත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැතත් සිද්ධිය පිළිබද කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන බව.
ඒ සදහා සී සී ටී වී දර්ශනද උපයෝගී කර ගන්නා ලෙසටද අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.අග්‍රාමාත්‍ය වරයා අද (28) දින නිවාස සංවර්ධන අමාත්‍යංශයේදී වැඩ භාර ගැනීමෙන් අනතුරුව ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් පැහැර ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ අද පස්වරුව වන විටත් මෙම සිද්දිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර නැතත් ඒ සම්බන්ධව විමර්ශන පවත්වා හැකි ඉක්මනින් පූර්ණ වාර්තාවක් ලබා දීමට ක්‍රියාකරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි.
තව දුරටත් මේ ගනකියනවා නම්  කොළඹ පිහිටි ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් පසුගිය සඳුදා දින සේවය නිමවා නිවසට යන අතරතුර පැහැර ගෙන ගොස් පැය කීපයක් රදවා තබා ගෙන, සිදුකල ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැර ඇති බවටයි කියවුණේ.
මෙයින් එම කාන්තා නිලධාරිනිය අතිශයින් බියට පත් වී ඇති අතර පසුව ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වන ස්විස් තානාපති ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කර මෙම සිදුවීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් පවත්වා, වැරදි කරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙස දැනුම් දීමක් සිදු කළා
ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිටින ස්වට්සර්ලන්ත තානාපති වරයා ද ඊයේ දින ශ්‍රී ලංකා රජයේ විදේශ ඇමති වරයා ද මුණගැසී මේ ගැන දැනුම් දුන්බවත් විදෙස් මාධ්‍ය හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර තිබුනා.
මේ සිදුවීම ගැන ශ්‍රී ලංකවේ සිටින ස්වට්සර්ලන්ත තානාපති වරයා එරටට දැනුම් දීමෙන් පසුව ඒ සම්බන්ධව ඔවුන්ගේ විරෝධය පල කිරීමට ස්වට්සර්ලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති වරයාවද, ඔවුන් විසින් ස්වට්සර්ලන්ත විදේශ අමාත්‍යංශයට කැඳවා තිබු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුන අතර ස්වට්සර්ලන්තය එම සිද්ධියට විරෝධය පළ කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබුනා.
මෙසේ සඳුදා දින රඳවා තබා ගෙන ප්‍රශ්න කල ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ගෙන් විමසා ඇත්තේ මෑතක දී ශ්‍රී ලංකවෙන් ස්වට්සර්ලන්තයට පිටත්ව ගිය පොලිස් නිලධාරියෙකු සම්බන්දව බවත්, වාර්තා වන පරිදි ඔහු විසා ලබා ගත් ක්‍රම වේදය හා එසේ නිකුත් කිරීම සම්බන්දව අභ්‍යන්තර තොරතුරු සම්බන්ධව මෙම කණ්ඩායම තොරතුරු දැන ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඇයට ඔවුන් විසින් තර්ජනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පල කරනවා
මෙම සිදුවීම සම්බන්ධව ඊයේ(27) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මණ්ඩලයේ සම මාධ්‍ය ප්‍රකාශක වරුන්ගෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ මේ පිලිබඳ ඔවුන් දැනුවත් වී නොමැති බවයි.
සමහරෙක් මේ දෙස බලමින් සැක පල කරන්නේ කිසියම් කොට්ටාසයක් විසින් රාජපක්ෂ රජය අපකීර්තියට පත් කිරීමට මේවා සිදු කරන බවටය. කෙසේ වෙතත් සැබෑ පරීක්ෂණයකින් සියල්ල හෙළි වනු ඇත. කෙසේ නමුත් මෙම  සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකා නව රජයේ නාමයටත් ශ්‍රී ලංකාවටත් අපකීර්තියක් වීමට ඉඩ ඇති හෙයින් මෙවන් සිදුවීම් නොවීමට වගබලා ගැනීමට බලධාරීන් උත්සුක විය යුතුය.
By Ash.W.