රජයෙන් බදු සහන රැසක්

Bandula
ජාතිය ගොඩනැඟීමේ බද්ද,උපයන විට ගෙවීම් බද්ද ඇතුළු බදු රැසක් අහෝසි කිරීමට අද(27) පැවති නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
අද දිනයේ දී ආර්ථික පුනර්ජීවනය සඳහා ජනතාවට මෙම සහන පැකේජය ජනාධිපතිවරයා විසින් ලබා දි ඇතැයි ද ජනතාවට මේ තුළින් හුස්ම ගැනීමට මෙන්ම ව්‍යවසාකයින්ට නව බලාපොරොත්තු රැසක් සමඟ මෙම යෝජනා සියල්ලට අගමැතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
මෙම සංශෝධන සඳහා වු ගැසට් නිවේදන හා අණපනත් ඉතා කඩිනමින් සැකසීම ආරම්භ වන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඒ අනුව, ගෘහස්ථ නිෂ්පාදන සඳහා වු භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැඟීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද, කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන බද්ද , උපයන විට ගෙවීම් සඳහා වන ආදායම් බදු, පොලී මත අය කරන විවිධ වාර්ගයේ ඇනවුම් බදු හා ණය සේවා බදු යන සියලු බදු වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා
එමෙන්ම සියලු දෙනා ගොඳුරු වෙන වක්‍ර බද්දක් වන සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට අනුමැතිය හිමි වු බවත් වැට් අය කිරීමේ දී පිරිවැටුම සඳහා වු අගයානුකූල බද්ද මිලියන 1කට තිබූ බවත් එය දෙසැම්බර් 1 වන දා සිට මිලියන 25 කට වැඩි නම් පමණක් වැට් බද්දට යටත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා
සියලූම ආගමික ස්ථාන සියලූ බදු වර්ගවලින් නිදහස් කර තිබේ. විදෙස් රටවලින් උපයාගෙන එන අදායම් සියල්ල බදුවලින් නිදහස් කරමින් විදුලි සංදේශ ගාස්තුවලට අය කරන බද්ද සියයට 25 කින් අඩු කර තිබෙනවා