ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 80% ඉක්මවයි

Sri Lankans queue to cast their votes as police officers patrol at a polling station during the presidential election in Colombo, Sri Lanka, Saturday, Nov. 16, 2019. Polls opened in Sri Lanka’s presidential election Saturday after weeks of campaigning that largely focused on national security and religious extremism in the backdrop of the deadly Islamic State-inspired suicide bomb attacks on Easter Sunday. (AP Photo/Eranga Jayawardena)
මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය සියයට අසූව ඉක්මවා තිබීම විශේෂත්වයක්. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි 59 ලක්ෂ 92,096 ක් වෙමින් ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී.
කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දහසය ලක්ෂ හැත්තෑදහස් හාරසිය තුනක් වන අතර ඉන් සියයට 80 කට වැඩි පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුන අතර දාහත් ලක්ෂ පනස් එක්දහස් අටසිය අනූදෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටි අතර ඉන් සියයට 81 ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව නවලක්ෂ පනස් පන්දහස් හැත්තෑ නවයක් වූ අතර ඒ අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80ක් .
අටලක්ෂ පනස්අටදහස් හත්සිය හතලිස් නවයක් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් අතරින් සියයට 80කට වැඩි පිරිසක් ද මාතර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව හයලක්ෂ පනස්දෙදහස් හාරසිය දාහතක් වූ අතර ඔවුන්ගෙන් සියයට 80 ඉක්මවා ද හාරලක්ෂ අසූපන්දහස් හත්සිය අසූහයක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80කි ද මහනුවර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් එකළොස්ලක්ෂ එකොළොස්දහස් අටසිය හැටක් අතරින් සියයට 80 ක් ඡන්දය භාවිත කර තිබුණා.
හාරලක්ෂ එක්දහස් හාරසිය අනූහයක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් සියයට 80 ඉක්මවා තිබූ අතර
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව පන්ලක්ෂ හැටනවදහස් විසිඅටක් වූ අතර ඉන් ඡන්දය භාවිත කළ ප්‍රතිශතය සියයට 80ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හයලක්ෂ පනස්හත්දහස් හත්සිය හැටහයක් අතරින් සියයට 80 ක් ද මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හැටහයදහස් පන්සිය විසිහතරක් වූ අතර ඉන් සියයට 84 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ අටලක්ෂ හැටහතර දහස් නවසිය හැත්තෑ අටක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 84 ක් ඡන්දය භාවිත කර තිබුණා.
හයලක්ෂ හැත්තෑහයදහස් හාරසිය හතළිහක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් මෙවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 79.5 ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දහතුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය පහක් වූ අතර ඉන් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා තිබීම විශේෂත්වයක්. පුත්තලම දිස්ත්‍රික්කයේ පන්ලක්ෂ අනූනවදහස් හතලිස් දෙකක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 75 ක ප්‍රතිශතයක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හයලක්ෂ අසූදෙදහස් හාරසිය පනහක් අතරින් සියයට 80ක් ද
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්ලක්ෂ විසිහයදහස් හාරසිය හතළිස් තුනක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 80 ක ප්‍රතිශතයක් වාර්තා වුණා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ තුන්ලක්ෂ අනූඅටදහස් තුන්සිය එකක් වූ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 77ද අම්පාර හෙවත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පන්ලක්ෂ තුන්දහස් හත්සිය අනූ දෙනෙකු අතරින් සියයට 80 ක්ද
දෙලක්ෂ අසූඑක්දහස් එකසිය දාහතරක් වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් සියයට  83 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කළා. යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ යාපනය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හාරලක්ෂ හැත්තපන්හදස් එකසිය හැත්ත හය අතරින් සියයට 66 ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර
යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සුදුසුකම් ලබා සිටි අසු නවදහස් පන්සිය තිස්අට අතුරින් සියයට 73 ක් සිය ද වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට අයත් වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක 03හි මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූදෙදහස් එකසිය දහනවයක් ලෙස ප්‍රකාශිත ජන්ද සටහන සලකුණු වෙනවා. ඒ අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 74.3ක් .
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සමස්ථයක් ලෙස සාමකාමීව තිබූ බව මැතිවරන නිරීක්ෂකයින් පවසනවා