මැකෝ සමග පොඩි වෙලාවක්

Mahinda-Deshapriya-06
කාර්යබහුල සමයක මැතිවරණයේදී ජනප්‍රියම චරිතය වන මැකෝ සමග පොඩි වෙලාවක් කතා කරන්න අපිට හැකි වුණා. මැකෝ පවසන්නේ 17 වනදා ප්‍රථිපල ලබා දිය හැකි බවටය. එයත් සමග කාලින සිදු කළ ප්‍රකාශ සටහනකි මේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 
 
ජන්ද සුදනමේ වැඩ කවදා වගේ වෙනකොට ඉවර වෙයිද ?
සියලු දිස්ත්‍රික්කවල වැඩ නොවැම්බර් 13 වෙනදා එනකොට අවසන් කර ගන්න පුළුවන්
ජන්ද පත්‍රිකාවේ ඉදලා ජන්දේ නිකන් දිගයි වගේ ?
වැඩේ දිග පළල ගැන අපි හිතන්නේ නැහැ සමස්ත රජයේ සේවකයන්ම එකතු වෙලා අපිත් එක්ක කැපවීමෙන් අපේ වැඩ ටික කරනවා.
අප්ක්ෂකයෝ වැඩි වුණාම කියවුනේ ඔවුන් සමහරෙක් ප්‍රවර්ධනය කරන්න ආවා කියලා. මේවට විසදුම් නැත්ද ?
ඔව් එහෙම ඉන්නවා. සමහරු වෙනත් අය වෙනුවෙන් , සමහරු පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන්. කොහොම වුනත් පවත්නා නිතිය යටතේ අපිට අපේක්ෂකයෝ අඩු කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ ඇප මුදල් වැඩි කිරීම. මේ ඇප මුදල සාධාරණ නැහැ.
කියක් වගේ වැඩි විය යුතුද ?
ලක්ෂ 25කට වඩා වැඩි විය යුතුයි. ස්වාධින අපේක්ෂකයකුගේ ඇප මුදල තිස්හත් ලක්ෂ පනස් දහසකට වැඩි වෙන්න ඕන.අපි ප්‍රයෝගිකව හිතලා මම හැම වෙලෙමත් මේක කිව්වා. අඩුම ලක්ෂ 5 කටවත් වැඩි කරමු කියලා. එතකොට සවධික අපේක්ෂකයකගේ මුදල හත්ලක්ෂ පනස්දාහක් වෙනවා. ඒත් එහෙමයි කියලත් තරංග කරුවන් අඩු වෙයි කියලා හිතන්න බැහැ. මිලියනයක විතර ඇප මුදලක් නියම වුණානම් අඩු වෙයි.
මෙවර ජනාධිපතිවරණය  සාමකාමී වෙයි ද ?
ඔව් ඒ ගැන සහතික වෙන්න පුළුවන්. පොලිස් ආරක්ෂාව, පොලිස් මොබයිල් සේවාව , අපේ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයින් ක්‍රියාත්මක වනවා. කිසිම විදියකින් නීතිවිරෝධී ක්‍රියාවක් සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
මාධ්‍ය භාවිතාව ගැන ඔබ නිතර කතා කළා ?
මාධ්‍ය උපමාන අපි හැමදාම කියනවා. එත් කඩනවා. රාජ්‍ය මාධ්‍ය සාකච්චා කරලා ඒ අයගේ නොමනා හැසිරීම් වලට අපි දඩුවම් කරනවා. පුද්ගලික මාධ්‍යත් එහෙමයි. මාධ්‍ය උපමාන වලට අනුකුල නොවීම වරදක්. පක්ෂ වලට පක්ෂග්‍රාහී නොවීම වැදගත්. කැඩුවොත් අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවා. ලක්ෂයක් දඩ. අවුරුදු 3ක් හිරේ.
ජනතාවට කියන්න තියෙන්නේ මොකද්ද ?
උදේම ගිහිලා ජන්දේ සාමකාමිව දාන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.
ඔබ ෆේස්බුක් එකට අත තිබ්බා නේද ?
එහෙම කරන්න ඕන නැහැ. බොහෝ ඒවා විකෘති වෙලා පළ වෙන්නේ. මාධ්‍ය තමයි මෙලෙස විකෘති කරන්නේ. අපිව තහනම් කරන්න පාලනය කරන්න අවශ්‍ය නැහැ නමුත් වෛරී ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශන ගැන අපි අවධානයෙන් ඉන්නවා. තමන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කළාට කමක් නැහැ, නීති වලට එකග නොවන ඒවා නවත්තන්න අපි වැඩ පිළිවෙලක් දියත් කළා. අපි ඒවා රිපෝර්ට් කළා. එහෙම දෙයක් ඇරෙන්න අපි ෆේස්බුක් තහනමක් අදහස් කළේ නැහැ.
By AshWaru