උතුරු නැගෙනහිර ජන්දවලින් 99%ක්ම සජිත්ට

image_b40e0ed468
උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්‍රජාතාන්ත්‍රවාදී  පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.
ඔහු වැඩි දුරටත් පැවසුවේ මෙවන් අදහසක්,
“ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් අදියරේ මේ වන විට අප ඉන්නවා. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී අපිට පෙනෙන දෙයක් තමයි දවසින් දවස සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා එක් වන ජනතාව විශාල වශයෙන් වැඩි වෙමින් ඉන්නවා.
දකුණේ සිංහල ඡන්ද මේවන විට සියයට පනහ පනහේ තියෙනවා. ඉදිරි දින දෙක තුල මෙය තවත්  සජිත් ගේ පැත්තට වැඩි වෙන්න පුළුවන්. නමුත් උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම සජත් ප්‍රේමදාස මහතාට  ලැබෙනවා.  ඒකේ කිසිම සැකයක් නෑ. උතුරු නැගෙනහිරින් පිටත ජීවත් වන දෙමළ මුස්ලිම් ජනතාවගේ ඡන්දත් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි.