වර්තමානේ ජිවත් වෙමින් කරන වැඩේ හරියට කරන පූජා

731743865Pooja_Umashankar_cover
ලාංකේය රංගන කලාවට නවමු අරුතක් දෙමින් පෑයූ තරුවකි පුජා උමාශංකර්.. ඉංදියානු ශ්‍රී ලංකා මනා සම්මිශ්‍රණයක අපූරුතම දායාදයක් වන ඇය භාරතීය දක්ෂතා උරුමකර ගනිමින් මෙරටට ද තම දායකත්වය දෙමින් යන ගමනකි. රන්ගනශිල්පිනියක් මෙන්ම විනිසුරුවරියක් ලෙසද කටයුතු කරමින් මේ වන විට වියාපාරිකාවක් ලෙසින්ද ලංකාවේ කටයුතු කරන්නීයකි.
සැවොම සමග බෙහෙවින්ම මිත්‍රශීලි චරිතයක් වන පුජා නිරන්තරයෙන් සිනහවකින් තම මුවග සරසවා ගන්නට නම් අමතක කරන්නේ නැහැ. අද මෙරට මෙන්ම ඉංදියානු නිර්මාණ කිහිපයකම කාර්ය බහුලව නියැලී සිටියදී සුන්දර ඇයව අපට මෙසේ හමු වෙනවා.
කොහොමද නිර්මාණ කටයුතු ?
මලයාලම් දමිල චිත්‍රපට දෙකක රුගතකිරීම් සිදු වෙනවා. ලංකාවෙත් නිර්මාණ කිහිපයක් තියෙනවා
කොහොමද සියල්ලට කාලය කළමණාකරණය කර ගන්නේ ?
අනේ මන්දා. ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්ණේ. කොහොම හරි අන්තිමට සේරම කර ගන්නවා
දැන් ලංකාවේ ඉන්න නේද වැඩිපුරම කැමති ?

ඔව් සස්කෘතිය මිනිස්සු ආහාර මම මේ හැමදේටම ගොඩක් කැමතියි. ආදරෙයි. අනික අම්මා සීයා ඉන්නේ මෙහෙ. ඔවුන්ව බලා ගන්න මම මෙහෙ ඉන්නත් ඕන. මම හරිම ආසයි සංචාරය කරන්න පොත් කියවන්න

Pooja-Umashankar
ඔබ විනිසුරුවරියක් ලෙසින් නිතර දකිනවා. කොහොමද මේ අත්දැකීම දැන්නෙනේ ?
මේක මේ පළමු අත්දැකීම නෙමෙයි.ඉන්දියාවේ නර්තන වැඩසටහන්, විවිද තරඟ ඉසව්, නාලිකා වලින් පැවැත්වූ බොහෝ වැඩසටහන් මම විනිශ්චය කර තිබෙනවා.
ඉන්දියානු සිනමාව සහ ලාංකේය සිනමාව ඔබට දැනෙන්නේ කොහොමද ?
මම චිත්‍රපට වල රගපාන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. ඒත් මෙහෙ සිනමාව දැක්කම මගේ අදහස වෙනස් වුණා. එකට හේතුව ලංකාවේ චිත්‍රපට වල තිබ්බ ප්‍රමිතිය සහ දක්‍ෂතාවය.කැමරා , පිටපත්, අධ්‍යක්‍ෂවරුන් සියළු ශිල්පින් හරිම දක්ෂයි. මම හිතන්නේ මම හරිම වාසනාවන්තයි.
ඔබ වැනි රූමතියක් හමුවෙලා රුවේ රහස ඇහුවේ නැත්නම් වැඩක් නැහැ ?
හිත සතුටින් තියන් ඉන්නවා. හැමදේම හරියට කරනවා. අභ්‍යන්තය පළමුව හදාගෙනයි භාහිර හදන්න ඕන. පෝෂ්‍යදායි අහාර, නිතර වතුර බිම ගැනීම සහ යෝග්‍ය ක්‍රීම් වර්ග ගැලවීම කරනවා.
ඔබ ආදරය ගැන හිතන්නේ මොකද්ද ?
Love is life, Life is love
අනාගතේ ගැන මොනාද හිතලා තියෙන්නේ ?
මට කවදත් එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. ඒ මොහොතේ ජිවත් වෙනවා. කරන වැඩේ හරියට කරනවා.
Ashanthi Warunasuriya