සජිත් තෝරා ගත්තේ ඇයි? එරාන් අපට පහදයි

z_spo-140th-p36-Royal01-1
දවසින් දවස සමීප වන ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ තේරීම පිළිබදව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා Boston අප කල කාලීන දේශපාලන කෙටි සංවාද සටහනකි මේ.
 
සජිත් නම් කිරීමේ සටනේ මුල ඉදලදා ඔබත් හිටියා නේද ?
 
මේක තමයි පාක්ෂිකයාගේ ඉල්ලීම. සජිත්ට තමයි ජනතා ප්‍රසාදය වැඩියෙන්ම තියෙන්නේ කියලා අපි කලින්ම කළ සමීක්ෂණ අධ්‍යනයන් වලින් දැක්කා ඒ නිසා කලින්ම එකට සුදානම් වුනා. මේක තමයි ජනතාවගේ ඉල්ලීම.මේ තීන්දුව ගත්ත වෙලේ සිට පෙන්නවා පක්ෂකයාගේ පිබිදීම. කිසිම වදවිවාදයක් නැතුව අපි සියළු දෙනාම අපේක්ෂකයා දිනවීමේ වැඩපිළිවෙලේ ඉන්නවා. මට අංක එක රට. දෙක පක්ෂය තුන පුද්ගලයා. රනිල් මයා ගේ උපදෙස් අනුව ජන්ද වැඩ යනවා.
අපේක්ෂකයා නම් කරන්න කල් ගියා වැඩි නැත්ද ?
 
අපේක්ෂකයා එක්ක විවාදාත්මක තත්වයක් තිබ්බා. අදහස් තිබ්බා. සමහරු මේක දැක්කේ පක්ෂේ ඇතුලේ තිබ්බ අභ්‍යන්තර ගැටුමක් විදියට. නමුත් මේක තමයි අපේ පක්ෂේ තියෙන අදහස් දැක්වීමේ අවස්ථාවීමේ ප්‍රජාත්‍රන්තවාදය. සාකච්ජා කරලා වාදවිවාද කරලා අවසානයේ හොදම තීරණය හොදම වෙලාවේදී අපි ගත්තා.
සජිත් මේ තැනට ආවේ ප්‍රේමදාසගේ පුතා නිසාද ?
 
කොහෙත්ම නැහැ. රාජපක්ෂලාගේ වගේ අපේ පක්ෂේ ඒවා නැහැ. සජිත් මේ තැනට ආවේ ඔහුගේ ස්ව උත්සාහයෙන්. ඔහු ඉහළට ආවේ තනියම දීර්ඝ අත්දැකීම් සමග පරිනත වෙමින්. ඔහුගේ හැකියාව ඔහු ඔප්පු කරලා ඉවරයි.
නමුත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් විවේචනයට ලක් වෙනවා ?
 
මෙහෙමයි මගේ අදහස නම්, දේශපාලනයට අඩු වයසින් එනකොට ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයි. ඒත් අවුරුදු 40 පස්සේ එනවනම් අත්දැකීම් වඩාත් වැදගත්. අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් අධ්‍යාපන සුදුසුකම් වලින්ම පමණක් රටක් හදන්න බැහැ. අපි ඉදිරිපත් කළ අපේක්ෂකයාට මේ සියල්ල තියෙනවා.
පක්ෂේ සේරම සජිත්ට කමතිවුණේ නැහැ නේද ?
 
සජිත් අපේක්ෂකත්වයට පත් වුණේ පක්ෂ නායකත්වයේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාක්ෂිකයාගේ ආශීර්වාදය ඇතුව. සුළු සුළු වාද විවාද තිබුණත් දැන් එක පෙළට ඔහු වෙනුවෙන් හිට ගන්නවා. අදහස් දෙකක් තියෙනවා කියන්නේ බෙදීමක් නෙමෙයි. වාද විවාද කලේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය නිසා.
සජිත්ව ගත්තේ කොන්දේසි දාලා කියන එතකොට ඇත්තක්ද ?
 
එහෙම කිසිම කොන්දේසියක් නැහැ. පක්ෂේ ප්‍රතිපත්තියි පුද්ගල ස්වාධින අදහසුයි සියයට සීයක්ම ගැලපෙන්නේ නැහැ. නමුත් සජිත්ගේ අදහස් සහ පක්ෂේ ප්‍රතිපත්ති එහෙම පරස්පර නැහැ.