මරණ දඩුවම එජාපය් ප්‍රතිපත්තියක්ද යන්න මුජුබර් බොස්ටන්ට පහදයි

z_p08-Reparations
ත්‍රස්තවාදි ක්‍රියාවන් වල නිරත වන හා ත්‍රස්තවාදි ක්‍රියාවලට හවුල් වන හැම කෙනෙකුටම තම පාලන කාලය තුළදී මරණීය දණ්ඩයනය ක්‍රියාත්මක කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා
නමුත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂය පසුගියදා දැක්වූයේ දැඩි විරෝධයක්.
එසේ විරෝධතාවයක් තිබියදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් දැයි අප එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ගෙන් විමසන්න අදහස් කළා
මන්ත්‍රීවරයා ලබා දුන්නේ මෙවන් අදහසක් ,
සජිත් මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියන්නේ මහා පරිමාණයේ මත්ද්‍රවය ජාවාරම් කරුවන්ට ත්‍රස්තවාදි ක්‍රියාවන් වල නිරත වන හා ත්‍රස්තවාදි ක්‍රියාවලට හවුල් වන හැම කෙනෙකුට , මහා පරිමාණයෙන් සිදු වන ඝාතනය සම්බන්දයෙන්. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ එක්සත් ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂක. ඔහුගේ ප්‍රකාශ ඔහුගේ තීරණ එජාප සංධානයේ නිල ප්‍රකාශ බවට පත් වෙනවා. ඒවගේම පක්ෂයේත් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඔහුගේ ප්‍රකාශ පිළි ගන්න වෙනවා.