පල්ලෙවත්ත නැහැ යයි බොස්ටන්ට දුන් ප්‍රකාශය විජිත ඔව් කියයි

z_p12--JVP
එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් කිහිප දෙනෙකු ජාතික ජන බලවේගයට එකතු වෙමින් අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට සුදානම් බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා.
මේ එකතුවීම සම්බදන්යෙන් පසුගිය සතියේදී අප මහේෂ් සේනානායක මහතාගෙන් සහ රොහාන් පල්ලෙවත්ත මහතාගෙන් කල විමසීමේදී ඔවුන් සදහන් කලේ එවන් අදහසක් නොමැති බවයි.
නමුත් වර්තමාන දේශපාලන සංස්කෘතියට එරෙහිව සටන් කිරීම මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්තිය බවත් ජන බලවේගය ඔහුගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම එකඟ බවත් සදහන් කරමින් වැඩි දුරටත් පැවසුවේ මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත සමඟ ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විජිත් හේරත් මන්ත්‍රීවරයාගෙන් දැන ගන්න ලැබුණා.