ජාතික ජන බලවේගය අද එළිදැක්වයි

Jathika-Jana-Balawegaya-Anura-Kumara-Dissanayake-අනුර-කුමාර-දිසානායක
ජාතික ජන බලවේගයේ රටම අස්වද්දන අපේක්ෂාවේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වුවා.
රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දැක්මක් සහිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් ද අවශ්‍ය බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ප‍්‍රකාශකළේ රට තුල නිෂ්පාදනය කල හැකි ආහාර අනවශ්‍ය ලෙස පිට රටින් ගෙන්වීම හරහා රටම ගැටලූවකට පත්ව ඇති බවයි. සිය පක්ෂයේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ(22) මහනුවර පැවැති උත්සවයකට එක වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා
agri8-818x490
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මේ වන විට අවශ්‍ය නිවැරදි වගා සැලැස්මක් මෙන්ම නිසි කළමනාකරණ සැලැස්මක් ද බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක තව දුරටත් මෙහිදී සඳහන් ලැබුවා.