ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළියට 

Gota 5
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශනය හැරුණු විට සෑම පළාතකටම වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන ලෙස සැකසෙමින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී එළිදැක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ සෑම පළාතකම ප්‍රතිපත්ති ප්‍රකාශනය එක් එක් පළාත් වල සංචාරක, රැකියා, ආයෝජන සහ සංවර්ධනය සම්බන්ධ කාරණා පදනම් කොට ගෙන ඉදිරිපත් කෙරෙන බව.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයා ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් අනෙකුත් පක්ෂවල ද සහාය පල කරමින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ප්‍රකාශ කළේ ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය, කෘෂිකාර්මික, ආරක්ෂාව, මූල්‍ය සුරක්‍ෂිතතාව සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන අංශ 20 ක් පමණ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවධානයට ලක් කර තිබෙනවා.
අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වන සියලුම සිසුන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් ලැබීම සහතික කිරීම ප්‍රධාන පොරොන්දුවක් වනු ඇති බවත් තවත් පොරොන්දුවක් වනුයේ පෙර පාසල් අධ්‍යාපනය නියාමනය කිරීම මෙන්ම රට තුළ එකලස් කිරීමේ කර්මාන්ත ශාලා පිහිටුවීමට ද ප්‍රතිපත්ති ප්‍රකාශනය පොරොන්දු වන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා