කුමාර වෙල්ගමගේ නිවසට හොරු පනී 

Kumara W
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට කිසිවකු ඇතුල්වී තිබෙනවා. බොස්ටන් අප කල විමසුමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනේලයක් කඩා දමා ඇති බවත් කිසිවක් සොයන්නට තැත් කර ඇති බවයි
නිවසේ කිසිවක් සොරාගෙන නොමැති අතර මේ පිළිබදව පරීක්ෂණ පොලිසිය විසින් දියත් කරමින් සිටී
කෙසේ වෙතත් අප කල විමසුමට පිළිතුරු දෙමින් වෙල්ගම මහතා සදහන් කළේ කිසිවක් සොරාගෙන නොමැති බවත් තමන්ව බය කරන්නට කල දෙයක් දැයි සැකයක් ඇති බවයි. කෙසේ වෙතත් සිය දේශපාලන තීරණය වෙනස් නොවන බවද ඔහුව කිසිවෙකුට බය කිරීමට නොහැකි බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.