කලාකරුවන්ට ස්ථාවරයක් සකස් කළ යුතුයි. මානෙල් වානගුරු

44644349_10151009079234967_7229059322200719360_n
ස්වර්ණ සිනමාවේ පැයූ රිදී ඉරකි ඇය. ප්‍රේක්ෂකයන්ගේ සිහින තාරකාවියට බවට පත් වූ මැය මනකාන්ත සුරුපිනියියක්. එමෙන්ම රංගනයෙන් පැනවූ පෞරුශීය දක්ෂතාවයද අකුරු කළ නොහැක. මෙලසින්  බොස්ටන් සමග එකතු වන්නේ  ආදරණිය මානෙල් වානගුරුයි.
රංගනය කියන දේ ගත්තොත් පොඩි කාලේ ඉදලා තිබ්බ හීනයක්ද මේ සැබෑ වෙලා තියෙන්නේ ?
 පොඩි කාලේ හොදට ඉගෙන ගන්න පුළුවන්. අම්මට ඕන වුනේ නිතිවේදය පැත්තෙන් යවන්න නමුත් තාත්තා ෆිල්ම් කලා නිසා එතනින් ෆිල්ම් වලට සම්බන්ද වුනා.
කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?
මේ දවස් වල ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ද වෙලා ඉන්නවා.
එක් දශකයක ආනන්ද මානෙල් දෙපල දීප්තිමත් කළා යුවලක්. කාලෙත් එක්ක වැඩ අඩු වෙලා. මොකද්ද මේකට හේතුව ?
මමත් ඒ අදහසට එකගයි. බොහෝ නළු නිළියන්ට වැඩ අඩුයි. එක් පිරිසක් හිතවත්කමට හෝ අඩු මුදලට තෝරා ගෙන ගන්නවා. ඩබින් වලත් එහෙමයි. අනික එකම රැල්ලට යන කතා තේමාවන් එන්නේ.
නැවතත් ස්වර්ණමය කලාවක් බිහි වෙයිද ?
ගොඩක් අවිනිශ්චිතයි. ඒ කාලේ රංගන ශිල්පින්ගෙන් ගත් දේවල් අද නැහැ. අද ශිල්පින් එනවා යනවා රදා පැවතෙන්නේ නැහැ ඒ ප්‍රමිතියක්, අධ්‍යනයක් ඔවුන් නොදරන නිසා
ඔබට දේශපාලන ආරාධනයක් අවොත් ?
අනන්තවත් ආරාධනා එනවා.නමුත් එක පැත්තකට කොටු වෙන්න කැමති නැහැ. පාඩුවේ කලාව කරගෙන ඉන්න එක හොදයි
අපේ ප්‍රවීණ කලාකරුවන් අද ගොඩක් අසරණ වෙලා. මෙයට  ඔබ යෝජනා කරන්නේ මොකද්ද ?
 අසරණවූ කලාකරුවන් බොහොමයක් ඉන්නවා. ජෙෂ්ටයන්ට යම්කිසි ස්ථාවරයක් ලබා දිය යුතුයි. පැන්ෂන් එකක් නැහැ මාසිකව 2000ක් හම්බ වෙලා මදි . අවම වශයෙන් මසකට 15,000ක් වත්  ලැබෙන ක්‍රමයක් ඇති කල යුතුයි. .
 
ඔබ ජිවිතේ වඩාත් සතුටු දුක් වුනු අවස්ථා?
සතුටු වුණේ ජනිත් ඉපදුන දවසේ මුල්ම බබා නිසා. සංකේත ඉපදෙනකොට අපි හිතුවේ දුවෙක් කියලා.එත් එයාව දැක්කම මාරම ආසයි මොකද සංකේත හරිම ලස්සනයි
දෙන්නගෙන් වැඩිපුරම ආදරේ කාටද ? 
මල්ලි කියනවා අම්මි ආදරේ අයියට කියලා.මල්ලි කියනවා අයියටලු. නමුත් දෙන්නම මගේ ඇස දෙක වගේ
අශන්ති වරුණසුරිය
ජයාරූප – ජානක වර්ණකුලසුරිය