අපෙන් වැඩ ගත්තා මදි. ආනන්ද වික්‍රමගේ

thumbnaildddddddddd-768x512 (1)
ශ්‍රී ලාංකේය කලාවේ ස්වර්ණමය යුගයකට උර දුන් ඔවුන් රසික හදවත්හි සිහින තාරකාවන් බවට පත්වුණේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දනයට පත් කරවමින්. අදටත් ඔවුන් දනවන්නේ පුදුමාකාර වින්දනීය දක්ෂතාවයක්. ඔහු නමින් ප්‍රවීණ රංගධර ආනන්ද වික්‍රමගේයි.
කාලෙත් එක්ක කලාවට ඇතිවී තිබෙන විපර්යාසය කතා කරමුද ?
 ලෝකයේ දියුණු වීමත් සමග ආර්ථිකයත් සමග බිහිවුණු සමාජ ක්රබමය තුල නිර්මාණ තුල වනිජ්යමත්වයට බර වෙලා. ඉස්සරත් එහෙම වර්ගීකරණයක් තිබුණා. වානිජ්ය් බර නිර්මාණ තිබුණා නමුත් අද ප්රමමිතියෙන් යුතු කලා නිර්මාණ නැති තරම් නිර්මාණ මුදල් මතම යැපෙනවා. නව රැල්ලෙන් එහෙම නිර්මාණාත්මක නිර්මාණ එලියට එන බවක් පෙන්නේ නැහැ.
වර්තමානේ ප්‍රවීණයන්ට අවස්ථා ලැබීම අඩුවෙලා ද ?
ආනන්ද -නිර්මාණ අඩුවෙන් කරනකොට කාටත් වැඩ අඩු වෙනවා නමුත් මට පෙන්නේ ප්‍රවීණයන්ගෙන්  වැඩ ගැනෙන සමාජ ක්‍රමයක් අද ඇති වෙලා නැහැ. එකම කතා තේමාවන් එක වගේ චරිත එහෙම වුනාම දක්ෂතා පෙන්වන්න අවස්ථාවකුත් නැහැ. කලකිරීමකුත් ඇති වනවා. එහෙම වුනාම ප්‍රවීණයන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ වගේ ගතියක් තමයි අපිට දැනෙන්නේ.
අද තෝරා ගන්නේ නාලිකා වලට අවශ්‍ය කලාකරුවන් නේද ?
නාලිකාව පවත්වා ගන්නඔවුන්ට උදවු ඇති සීමිත පිරිසකට එවන් අවස්ථා දීමෙන් වෙන්නේ දක්ෂයෝ නවකයෝ යට යනවා. ඔවුන්ට එලියට එන්න බැරි නිසා.
මේ නිසාද අපිට නැවතත් අපිට ස්වර්ණමය කලාවක් බිහි නොවන්නේ ?
ස්වර්මනය සිමනාවක් පැත්තට යන්නේ නැහැ තරුණ නිර්මාණ කරුවන් බලන්නේ ජාත්‍යන්තර තලය. හැදෙන නිර්මාණත් ඒ ක්‍රමයට ගිහින්. ඒ නිසා පරණ සිනමාවට යයි කියලා හිතන්න අමාරුයි.
44644349_10151009079234967_7229059322200719360_naaaaaaaaa-768x512
ඉතින් ඔබ ප්‍රවීණයකු ලෙසින් ඇයි මේ වගකීම ගෙන අනාගතයට දෙයක් දෙන්න ඉදිරිපත් නොවෙන්නේ ?
අපිට පුද්ගලිකව කරන්න අමාරුයි. අපෙන් ගත යුතු තැනකට පත්විය යුතුයි. බලන්න ගුණසේන ගලපත්ති වගේ ප්‍රවීණයන්  බොහොමයක් ඉන්නවා මේ අයගෙන කිසිවෙක් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. නරිබෑනා වගේ නාට්ය අදටත් තව ජනප්‍රියයි. ප්‍රවීණයෝ වෙච්ච පලියට අපිට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක.
කලාව දේශපාලනීකරණය වුනා නේද? ඔබ කිසියම් දේශපාලනයකට සම්බන්ද වෙනවද ?
ඔව් කලාව දේශපාලනීකරණය වුනා නමුත් මට එහෙම ආරාධනා ලැබිලත් නැහැ ඒ වගේම මම පුද්ගලිකව එක පක්ෂයකට පක්ෂග්‍රාහී  වෙන්නේ නැහැ. කලාකරුවෙන් ස්වාධින වන තරමට හොදයි. අමාරුවෙන් ලබා ගත් ජනතා ප්‍රසාදය නැති කර ගත යුතු නැහැ
 ලෝක කලාව සමග බලනකොට අපේ කලාව ගොඩගැනීමට විය යුතුදේ කුමක්ද ?
අපි දුපතෙන් පිටට යන්නේ නැතුව ලෝකයට අපේ කලාව අරන් යන්න අතරමැදියෙක් සම්බන්ද විය යුතුයි.
එදා සිට අද දක්වා බලනකොට කලාව කියන විෂය තෝරා ගැනීම ගැන මොකද හිතෙන්නේ ?
ලොකු සතුටකුත් නැහැ දුකකුත් නැහැ .මට හිතෙනවා ජෙෂ්ටයන්ගෙන් වැඩ ගත්තා මදි කියලා.
ජනප්‍රියත්වය සමග විවාහය අද අන්දොලතකමයි විශේෂයෙන් දෙදරා යනවා. ඔබලාගේ පවුල් ජිවිතයේ රහස මොකද්ද ?
මේක දැන් කෙදවචකයට වැඩ විලාසිතාවක් වෙලා. කල්පනා නොකරන නිසයෝ මේ. තරුණ කාලවලට හැගීම් ඇති වෙලාව තමයි තෝරාගැනීම හරියට කරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න . ජනප්‍රියත්වය තියෙන්නේ ටික කාලයයි. අවබෝදය වැදගත් අපි බෙදා ගෙන වැඩ කළා.
ආනන්ද අයියගේ කුඩා කාලේ ඉදල තිබ්බ ප්‍රතිපත්තිය මොකද්ද ?
“හොද මිනිහෙක් වගේ මැරෙන එක”
 
එතකොට නළුවෙක් වීම කුඩා කාලේ ඉදන් තිබ්බ හීනයක්ද ? 
පොඩි එක්ක තිබ්බා. කොලබ ඉපදී ඉසිපතනෙන් ඉගෙන ගෙන ලුම්බිනියෙන් නාට්‍ය බලනවා. මම පවුලේ බඩ පිස්සා නිසා ඕන දෙයක් කරන්න හැකියාව තිබ්බා. අම්ම හරි කැමතියි තාත්තා කැමති වුනේ නැහැ.
අශන්ති වරුණසුරිය
ජයාරූප – ජානක වර්ණකුලසුරිය