බැසිල්ගේ රහස් යෝජනාව බිමල් හෙළි කරයි

Bimal
බැසිල් රාජපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකයකු අතර සිදුවු රහසිගත සාකච්චාවක් සම්බන්දයෙන් වාර්තා පල වෙනවා. මෙම ආරංචි වලට අනුව සදහන් වන්නේ මෙය බැසිල් රාජපක්ෂ මහතා සහ බිමල් රත්නායක මහතා අතර මෙම රහසිගත සාකච්චාව සිදුවූ බවයි
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතාගෙන් බොස්ටන් අප කල විමසුවමට අනුව සදහන් වුයේ එය රහසිගත සාකච්චාවක් නොවන බවත් එය හුදෙක් දුරකථන ඇමතුමක් පමණක් බවයි. ඒ අනුව මීට මස 4කට පමණ පෙර දුරකථන ඇමතුමක් ලබා දෙමින් නොවැම්බර් 16 වෙනිදා පවත්වන ජනාධිපතිවරනයේදි පොදුජන පෙරමුණට ලබා ගත හැකි උපරිම ඡන්ද ප්‍රතිශතය 44% ක් පමණ බවට මෙහෙදී බැසිල් රාජපක්ෂ පෙන්වා දී ඇති අතර එමඟින් රටේ ජනාධිපති වීමට නොහැකි බව පවසා තිබෙනවා.
යම් හෙයකින් කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙක් 50% ක් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවන මනාපය ගණන් ගැනීමට සිදු වන නිසා මාලිමාවට ඡන්දය භාවිතා කරන ඡන්දය දායකයන්ට සිය දෙවන මනාපය ලෙස ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන ලෙස ඉල්ලා සිටිය හැකිදැයි මෙහිදි බැසිල් රාජපක්ෂ මහතා විමසා ඇති බව සදහන්
ජනතා විමුක්ති පෙරමුණ මනාප ක්‍රමය ප්‍රතික්ෂේප කරන නිසා එවැන්නක් තම ඡන්දය දායකයන්ගෙන් ඉල්ලීමට නොහැකි බව පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි බිමල් රත්නායක මහතා වැඩි දුරටත් බොස්ටන් අපට සදහන් කලේ