පලාලි ජනතා අයිතියට. ඒකීය ශ‍්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකගතාවකට

JF Air port 002
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශ්වයන් මේ වනවිට ඒකීය ශ‍්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
අපගේ ඉලක්කය විය යුත්තේ රට නොබෙදා බලය බෙදාදීම බව ද ඒකීය යන වචනයෙන් අර්ථ නිරූපණය විය යුත්තේ එක් රටක් යන්නයි. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමේ බලය පාර්ලිමේන්තුව සහ ජනතාව සතු බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කලේ පලාලි ගුවන් තොටුපල ජනතා අයිතියට පත් කරමින්.
FLIGHT 002JF Air port 001
එම නිසා බහුතර ජනතාවගේ එකඟත්වය ලබාගනිමින් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ඔසවා තබන්නට නම් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පමණක් නොව ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවයි.
ඒ සඳහා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා. සුළුතර ආණ්ඩුවක් සහිතව තමන් ජනතාවට දිනාදුන් ජයග‍්‍රහණ තව තවත් ශක්තිමත් කිරීම තහවුරු කළ හැක්කේ බහුතර ආණ්ඩුවක් ඔස්සේ බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දියාවේ චෙන්නයි සිට ප්‍රථම ගුවන් යානය යාපනය  ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත අද (17)උදෑසන ළඟා වීමත් සමගම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල නිල වශයෙන් විවෘත කෙරුණා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත මගීන් පිරිසක් රැගෙන එන ලද පළමු ගුවන් යානය සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා. ඉන්දියාවේ සිට පළමු ගුවන් යානය පැමිණීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිහිවටන පලකය හා ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරණු ලැබුවා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක්  අබේසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං  යන පිරිස ඇතුළු අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.