යාපනය ගුවන් තොටුපල 17 වෙනිදා විවෘත කෙරේ

39741bde8496fc7a7b562c66488e9d205fa64bc4
ඉදිවෙමින් පවතින යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ මෙම මස 17 වෙනිදා විවෘත කිරීමට නියමිතයි.
 උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කරන්නේ ඉදිවන  යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ අමාත්‍ය අර්ජුන රණතුංග ද නිරීක්ෂණය කළ බවයි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපල මෙම මස 17 වෙනිදා විවෘත කෙරේ
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් සේවා පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියා.