මෛත්‍රී රනිල් ගොන් පොරයක් කියයි

d5eba5e5c449b5b12f606cae5474542d_XL
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු  මේ රට ශක්තිමත් රටක් බවට මහනුවර දිස්ත්‍රික් පා.ම එස් බි දිසානායක මහාතා පවස්නවා.
වැඩි දුරටත් අදහස් දැක් වු එස් බි දිසානායක මන්ත්‍රිවරයා,
මේ අවුරුදු පහේ මේ රට කඩාගෙන වැටුණේ , දුප්පත් කම වැඩි වුණේ , සංවර්ධනය සහමුලින්ම නැති වුණේ , රටට සංචාරකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණේ , ආරක්ෂාව කියන එක තුට්ටුවට වැටුණා , මොකක්ද මේකට ප්‍රධාන හේතුව  ජනාධිපතිගෙයි අගමැතිගෙයි මේ ගොන් පොරය.
මේ ගොන් පොරය නිසා මේ රට වැටුණා , එක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයම පිලිගත්තා, ඒක රනිලුත් පිලිගත්තා, මේ දෙන්නට එකට වැඩ කරන්න බැරි වුණ නිසා තමයි රට වැටුණේ.
බැරි වෙලාවත් සජිත්  දින්නොත් ගොන් පොරයක් නෙවෙයි මි ගොන් පොරයක් එන්නේ, සජිතුයි රනිලුයි මි ගොන් පොරයට ආවම රට කුජිතයි.
මේ බෞද්ධ රටේ දෛවයට ලැබිච්ච දෙයක් තමයි ගෝඨාභය ජනාධිපති වෙලා මහින්ද අගමැති වෙලා , එ සහෝදරත්වයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියන එක.