සජිත්ගේ පොරොන්දු

Sajith-Premadasa
මෙරට ජනතාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවට පොරොන්දු වෙමින් එජාප පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් අඩුවෙන්ම යැපෙන ජනාධිපතිවරයාට හිමි නම්බුනාමය ඉදිරියේදී තමන් හිමිකර ගන්නා බව පවසනවා.
එමෙන්ම තමන් ජනාධිපති ලෙස පත්වූ පසුව තමන්ට හිමිවන වැටුප්, දීමනා හා මන්දිර ලබා නොගන්නා බව ද ඔහු සදහන් කරනවා.
තමාට ලැබෙන එම සියලූම දීමනා මෙරට දුප්පත්කම තුරන් කිරීම සඳහා යොදවන බවද රජයෙන් ලැබෙන එම සියලූ වරප‍්‍රසාද පරිත්‍යාග කරමින් ආදර්ශමත් නායකත්වයක් තමන් සපයන බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා