ගෝඨාට එරෙහිව ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Gotabaya-1
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක්  ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර කළා
අද පෙරවරුවේ පෙත්සම සලකා බැලීම යලි තුන්වන දිනයේත් ආරම්භ කෙරුණු අවස්ථාවේ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින්  පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කලා
2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල  සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා