එජාප ජනපති අපේක්ෂකයා ලෙස සජිත්ජව එජාප සම්මේලනයේදී අනුමත වේ

1570088125-sajith-pm-rally_l
එළැඹෙන ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බවටත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහයෝගය ලබාගන්නා බවටත් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සභාවට යෝජනා කෙරුණා
එම යෝජනාව පක්ෂ සම්මේලනයට පැමිණි ජනතාවගේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ වන බවට ද යෝජනාවක් මෙම විශේෂ මහා සම්මේලනයේදි ස්ථිර කළා
එම යෝජනාව ද ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අමතරව තවත් යෝජනා කිහිපයක්ද මෙහිදි ස්ථිර වුණේ විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඇතුළුව කරගෙන ආ ව්‍යවස්ථා කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යෑමට අදාළ යෝජනාවක්ද මෙහිදී සම්මත කර ගනු ලැබූ අතර ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යෝජනා කිරීමේ විශේෂ මහා සමුළුව මේ වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමෙන්.
එම අවස්ථාව සංවේදී කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මව වන හේමා ප්‍රේමදාස සිය අතින් අල්ලාගෙන වේදිකාවට රැගෙන සිය අතර එම අවස්ථාව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ද සංවේදී අවස්ථාවක් බවට පත් වුණා.