සිහිනයේ ස්වරය (Dream Voice) – රියලිටි වැඩසටහන in USA & Canada

judges 3 (1)

වින්දනීය ස්වරයක ආනන්දනීය හද ගැහෙන හෝරාව “සිහිනයේ ස්වරය” (ඩ්‍රීම් වොයිස්) යනු ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සුදානම් වන ප්‍රථම රියලිටි ගායන තරගය වේ. මෙම තරගය බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර ඇති අතර මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගනිමින් සිටියි.

මෙම තරගය බොස්ටන් ලංකා සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන අතර කථාංග ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සහ යූ ටියුබ් නාලිකාවේ ද නැරඹිය හැකිය. ශ්‍රී ලංකාවේ නරඹන්නන් සඳහා, සෑම ඉරිදාවකම රාත්‍රී 8 ට තරගය රූපවාහිනියේ (PEO TV – Channel 5) නැරඹිය හැකිය.

මෙම තරඟය සඳහා විශිෂ්ඨ ඝනයේ ශේෂ්ත්‍රයේ කෘතහස්ත දැනුමැති ප්‍රවීණ විනිසුරුවන් එකතු වී සිටින බව ද කිව යුතුය. ඒ අනුව ජගත් වික්‍රමසිංහ, ඉන්දිකා උපාමාලි සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය අර්ජුන බාලසූරිය යන විද්වතුන් එම කටයුත්ත පරිපුර්ණ කරති. ශ්‍රී ලාංකේය විනෝදාස්වාදයේ වින්දනීය වැඩසටහනක් මෙන්ම දක්ෂයන් අගයනු වස් සංවිධානය වූ මෙම රියලිටි වැඩසටහට හුදෙක් වෙනස්ම රියැලිටියක් වන නිසාම තරඟ කරුවක් රැසක් සහභාගී වී සිටිති. ඒ අනුව මේ වන විට පළමු වටයට තරඟ කළ තරඟකරුවන් 80 දෙනාගෙන් හොඳම තරඟකරුවන් 40 දෙනා තෝරාගෙන තිබේ.

ආරාධිත විනිසුරුවන් : දෙවන වටයේ හොඳම තරඟකරුවන් 20 දෙනා තෝරා ගැනීම සඳහා ප්‍රධාන විනිසුරුවන් සමඟ සංජීවනි වීරසිංහ, කිත්සිරි ජයසේකර, සහේලි ගමගේ, බද්‍රජි මහින්ද ජයතිලක සහ ඩෙස්මන්ඩ් රොඩ්රිගෝ යන ප්‍රවීණයන් කටයුතු කරනු ඇත.

facbook

අවසන් මහා තරගය ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි ෆෝඩ්ස් හි 1050 කිං ජෝර්ජස් පෝස්ට් පාරේ රාජකීය ඇල්බට් මාළිගාවේදී (1050 King Georges Post Rd, Fords, New Jersey, USA) පැවැත් වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන්ය. අවසන් මහා තරගයහි ආරාධිත අමුත්තා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ගරු. රොඩ්නි පෙරේරා සහභාගි වීමට නියමිතය.

සිහිනයේ ස්වරයට මේ වන විට හඩ දායකත්වයට කැනඩාවේ සිටින දුෂාන් දිසානායක සහ එක්සත් ජන පදයේ ගීතිකා වික්‍රමසිංහ සහ මිහිරි වීරසිංහ සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්ත්වයෙන් නිවේදන කටයුතු සදහා දායක වෙද්දී මෙහි අවසන් තරගයේ නිවේදනය කටයුතු සදහා ජනප්‍රිය රංගන ශිල්පිණි නෙහාරා පිරිස් සිය දායකත්වය ලබා දීමට නියමිතය.