හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට

pic_1524495674
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා නොවැම්බර් මස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉදිරිපත් වී ඇති බව අද නිවේදනය කරනවා.
ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා ලෙස හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වී  සිටින අතර මැතිවරණයට තරඟ කිරීමට තමා ගත් තීරණය නිවේදනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවය අමතමින් මහේෂ් සේනනායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට විකල්ප බලවේගයක් අවශ්‍ය බවත් තමා එම විකල්පය යැයි විශ්වාස කරන බවයි.
අගෝස්තු මාසයේදී යුද හමුදාපති ලෙස විශ්‍රාම ගිය සේනානායක මහතා කියා සිටියේ තමාට මැතිවරණයට ඉදිරිපත් වීමට පිරිසක් තමාට ආරාධනා කර තිබෙනවා.
තමා හමුදාවට හොඳින් සේවය කළ බව තමාට හැඟෙන නමුත් රට තවදුරටත් ආරක්ෂා වන බව සහතික කළ යුතු බව ද සදහන් කරමින් දේශපාලනය රට විනාශ කර ඇති බැවින් රටේ වෙනසක් ඇති කිරීම සඳහා ස්වාධීන බලවේගයක් අවශ්‍ය බව සේනානායක මහතා පැවසුවා.