අධික වර්ෂාවෙන් 80,000ක් අවතැන්

image_a408119154
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් විපතට පත් පුද්ගලයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා. ඔවුන් පවුල් 20,815 කට අයත්. වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ ගම්පහ, කොළඹ සහ කලූතර යන දිස්ති‍්‍රක්කවලයි.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ පවුල් 10,755 ක 43,322 දෙදෙනෙකු ද කොළඹ දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 10,984 ක් ද  ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල පවුල් 6,730කට අයත් පුද්ගලයින් 25,006 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
මේ වනවිට දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන සහන කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පානදුගම ප‍්‍රදේශයෙන් නිල්වලා ගඟේ පැවැති මහා ගංවතුර තත්ත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි. එහෙත්, කලු සහ ගිං ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙනවා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ නායයාම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.