එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා හට

PM
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා හට ලබා දීමට තීන්දු වී ඇත.

අද (24) සවස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ජාවකදී ඒකමතිකව ‌මෙම තීන්දුව ‌‌ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙම හමුවට කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර සජිත් ඊට සහභාගී වී සිටියේ නැත.

එහිදී කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජනපති අපේක්ෂකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දුන්නද අගමැති ධූරය සහ පක්ෂ නායකත්වය තවදුරටත් වික්‍රමසිිංහ මහතා විසින් දැරිය යුතු බවකි.

ඒ අනුව තව සුලු ‌මොහොතකින් රනිල් වික්‍රමසිංහ හා සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර අරලිය ගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.

ලබන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජන්දයකට ‌නොගෛාස් ‌මේ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට කටයුතු ‌යොදා ඇති අතර ඉන් පසුව වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමටද නියමිතය.