විධායක ගැන මහජනයා තීරණයක් ගනු ඇතැයි අගමැති කියයි

03_REVISED_RANIL_ST_175032f-450x406
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මහජනතාව අවසන් තීරණය ගනු ඇති බවයි.
අද මිරිගම දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ඇති  ප්‍රශ්නය නොසලකා හැරිය නොහැකි බවයි.
තමන් ඊයේ කැබිනට් රැස්වීමේදී මෙම කාරණය මතු කළ බවත් ඒ පිළිබඳව මතභේද පවතින බවත් මෙම ගැටළුව සම්බන්ධයෙන් ගෙන ඇති ස්ථාවරය පිළිබඳව කිහිප දෙනෙකුගෙන් තමා ප්‍රශ්න කරන බවද අගමැති පවසනවා.
එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ පිළිබඳව විවෘතව සාකච්ඡා කළ යුතු බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ස්ථාවරය පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම තීරණය කළ යුතු බවද සදහන් කරමින් ඔහු අවධාරණය කරන්නේ ජනාධිපති ධුරයේ ඉරණම මහජනයා විසින් තීරණය කල යුතු බවයි.