අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම්?

IMG_0173

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ කොළඹ 07 ස්ටැන්මෝ ක්‍රසන්ට් මාවතේ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ අද (2019.09.20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.එහිදී අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බවට සමාජ මාධ්‍ය හරහා විකාශය වන හඩ පටය සම්බන්ධව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

එතුමිය අල්ලස් කොමිසමේ සභාපතිතුමිය හැටියටයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ.මම මේ හඩපටය ඇහුවා මේකේ අපිට විසදගන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා.හඩ පිළිබදව පරීක්ෂා කළ යුතුයි.මෙතුමිය මේක කියන්නේ දේශපාලන බලපෑම් ආවා කියලා.මේ පිළිබදව මෙතුමියගෙන්ම අහලා දැන ගන්න ඕන.මට කෙලින්ම එතුමියගෙන් අහන්න බැහැ.එතුමියගේ ආයතන ප්‍රධානියා නිතිපතිතුමායි.එතුමා හරහා තමයි මේක අහන්න ඕන.මම ඕන කෙනෙකුට අභියෝග කරනවා අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම් තියෙනවා කියලා කියනවා නම් ඕන අභියෝගයක් මම භාර ගන්නවා.එතුමියගේ ආයතන ප්‍රධානියා ලෙස නිතිපතිතුමා මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කළ යුතු වෙනවා අනිත් කරුණ තමයි මේ එතුමියගේම කටහඩ ද කියලා දැන ගන්න ඕන .ඒ සදහා කටහඩ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා.මේ පිළිබදව පරීක්ෂණයක් වත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය