ජනාධිපතිවරණය නො.15 දා පැවැත්වෙන බවට ඉගියක්

Sri-Lankan-voting
අද මැතිවරණ කොමිසම සමඟ පැවති රැස්වීමකදී දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට ඉගියක්  ලබා දී තිබෙනවා.
එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති දින පිළිබඳ දේශපාලඥයින් ද අද (17) අදහස් පල කරමින් මේ පිලිබදව පැවසුවා. මිට අදාල සාකච්චාවක් අද පැවැත්වුයේ පක්ෂ ලේකම් වරුන්  එකතු කර ගනිමින්. . එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දයාසිරි ජයසේකර ඇතුළු පිරිස් ඒ අනුව සහභාගී වී තිබුණා.
රැස්වීමට සහභාගී වූ පක්ෂ ලේකම්වරු පැවසුවේ නොවැම්බර් 15 සිට දෙසැම්බර් 7 දක්වා ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය බවයි.
මැතිවරණ කොමිසම පවසා ඇත්තේ නොවැම්බර් 15 වන දින මැතිවරණය පැවැත්වීම බොහෝ දුරට ඉඩ ඇති බව ඒ අනුව පැවසේ.