ශ්‍රීලනිපයේ ශක්තිය පෙන්වීමට ජනපති ඉදිරිපත් වෙයි

Maithripala-Sirisena-SLFP-May-Day-Rally-2018
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් එසේ සිදුවුවහොත් පක්ෂයේ ශක්තිය ඔවුන් සියලු දෙනාට පෙන්වීමට සුදානම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.
මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ වන විට විදේශ තානාපති කාර්යාල සමග සාකච්ජාවන් පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි කිසිදු කොන්දේසි නොමැති බවත් ඇත්තේ අපේකම, ස්වදේශිකත්වය සහ සංස්කෘතිය අගයන වංචාවෙන් දුෂණයෙන් තොර නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙන බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා
පක්ෂයටත්, පාක්ෂිකයින්ටත් අසාධාරණයක් සිදු නොවන සියලු දෙනාට පිළිගත හැකි සහ සතුටට පත්විය හැකි වැඩපිළිවලක් ඉදිරියේදී සුදානම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ  කළේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවද ජන්ද පසුබිම සලකා බලන විට කිසිදු අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බව කියා සිටියා.
ඉදිරිජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දෙන්නේ ජනාධිපතිධුරය මෙන්ම පස් වසරක් පුරා ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශුද්ධ වැඩපිලිවලක ප්‍රතිපලත් සමග බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙපාර්ශවයෙන්ම ආරාධනා ලැබී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු සාකච්ජාවකට එක්වී නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා පොදුජන පෙරමුණ සමග සාකච්ජා වට කිහිපයකට එක්ව සිටින්නේ පළමුව මාතෘ භූමියත් දෙවනුව පක්ෂ අනන්‍යතාවයත් තබමින් බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රිධුර ආරක්ෂාවී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ ලිපියක් හේතුවෙන් බවත් එහි ඉහළම නායකයාට සහ පහළ පාක්ෂිකයින්ට ඒ පිළිබඳව කෙළෙහිගුණයක් ඇතිමුත් දෙවන පෙළ ඇතැම් පිරිසකට එය අමතකවී තිබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.