අර්ජුන මෙරටට ගෙන්වීමට ජනපතිගේ අත්සන

Mahendran
මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළයුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) අත්සන් තැබුවා
ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතු වෙනවා.
හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපිලේඛන සහතික කරනු ලැබුවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු සිදු කල යුතුයි.