ජවිපෙ ජාතික බලවේගය මේ මස මැදදී කරළියට

JVP
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගයේ සංවිධාන යාන්ත්‍රණයක් දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කරනවා. ඊට අදාල සැලැස්මක් මේ වනවිට සකස් කරමින් සිටින බවයි පැවසෙන්නේ.  ඒ අනුව මේ මස මැද භාගයේ සිට ජවිපෙ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව ගෙයින් ගෙට ගොස් දැනුමත්  කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.
මේ සදහා ජාතික ජනබල වේගය ලෙස කමිටුවක් ජවිපෙ පත් කර ඇති අතර ඔවුන් ඊට අදාල  ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයකින්  අවශ්‍ය කරුණු සකස් කරමින් සිටිනවා.
ඒ පිළිබදව අප කල විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස් මහතා පැවසුවේ මෙවැන්නක්,
 ” අපි සැලසුමක් ඇතිව අපේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටිනවා. ජාතික ජනබල වේගයේ සංවිධාන කටයුතු බිම් මට්ටමින් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව සැප්තැම්බර් 01 වෙනිදා සියළුම පළාත් පාලන මන්ත්‍රිවරුන් කොළඹට ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළා. සැප්තැම්බර් 08 වෙනිදා සිට දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයේ සාකච්ජා ආරම්භ කරනවා. සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී අපි බලාපොරොත්තු වෙනවා ගෙයින් ගෙට ගොස් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රචාරක රැළි පැවැත්වීමට”