ඉදිරි ජනාධිපතිවරණයට රනිල් සහ කරුගේ සහාය ඇතිව තරඟ කරන සජිත්

1566638679783
මීළඟ ජනාධිපතිවරණයට රනිල් සහ කරූගේ සහාය ඇතිව තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක (යූඑන්පී) සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද සවස කුරුණගලෙහි පැවති රැලිය අමතමින්.
 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති අතර සජිත් ප්‍රේමදාස හැර වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන දෙදෙනාම තරඟකරුවන් අතර වෙනවා.
අද දින කුරුණෑගල පැවති රැලියට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වූයේ ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීමට ප්‍රේමදාස දැරූ උත්සාහයට සහයෝගය දක්වමින්.
තව දුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා අවධාරනය කළේ තම දෑත් පිරිසිදුව පවතින බවත් ඔහු දූෂණයට හෝ සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ නැති බවත් තමාට එරෙහිව බොරු චෝදනා නගන නමුත් ඒවාටද තමන් කම්පා නොවන බවයි.
තමාට එරෙහිව වැඩි වැඩියෙන් චෝදනා එල්ල වන තරමට ඔහු ජනතාව වෙනුවෙන් වැඩි යමක් කිරීමට අධිෂ්ඨාන  කර ගන්නා බව ද ප්‍රේමදාස මහතා රැළිය අමතමින් වැඩි දුරටත් සදහන් කළා.