අග්නිදිග ආසියාවේ සරම්ප සම්පුර්ණයෙන් තුරන් කල 5 රට බවට ලංකාව පත් වෙයි

measles-spot-1bbe0edfa7dcf22b0e828552563bd0ad_800x420
අග්නිදිග ආසියාවේ සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ 05 වන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති එම නිවේදනය හුවා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුවේදී ඒ සඳහා පිරිනැමෙන ඇගයීම් සහතිකය සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනමා ඇති බවයි.
ලෝක සෞඛ්‍ය  සංවිධානය  මගින් ක්‍රියාත්මක ප්‍ර‍මුඛතා වැඩසටහනක් ලෙස 2014 වසරේ සිට සරම්ප රෝගය මර්ධන වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක කළ බවත් සෞක්‍ය අමාත්‍යංශය පවසනවා.