Criket Aid වැඩසටහන නතර කිරීමට පියවර

CricketAid-Logo
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති ක්‍රිකට් ඒඩ් ආයතනයේ ගිණුම් පරික්ෂා කර විගණනයක් කරන තුරු එහි ක්‍රියාකාරිත්වය මාස 2 කට අත්අහිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ට අද නියෝග කළා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරින් කෝප් කමිටුව ඉදිරියේ ඊයේ (04) පෙනි සිටි අවස්ථාවේදී අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ මෙවන් අදහසක්,
“ක්‍රිකට් ආධාර නමින් සමාගමක් ස්ථාපිත කරලා. එහි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. යාවජීව සමාජිකත්වය සමාජිකයින්ට දීලා. එදා ක්‍රිකට් ආයතනයේ හිටිය අය. තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, මතිවානන්. මොහාන් ඇන්තනී යන අය ව්‍යාපාරිකයින් ලෙස.
පාලක මණ්ඩල සමාජිකයින් ලෙස නොව. ජීවිත කාලයේ සාමාජිකයින් හැටියට. සමාගම ලියාපදිංචි කරලා. ක්‍රිකට් ආයතනයේ ලයිෆ් ටයිම් මෙම්බර්ස්ලා නෑනේ