කංජිපානි ඉම්රාන්ගෙන් අභියාචයනක්

Kanjipani-Imran
තමන්ගේ දඩුවම ලිහිල් කරන ලෙස කන්ජිපානි ඉල්ලීමක් කරලා. ඒ ගැන සදහන් කරමින් ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් අද කොළඹ මහාධිකරණය වෙත භාර දුන්නා.
කංජිපානි ඉම්රාන් සිය අභියාචනයෙන් කියා සිටින්නේ ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට තමන් වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය විසින් තමන්ට බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළා.
තමන්ට නියම කළ දඩුවම ඉතා අධික බව පෙන්වා දෙන කංජිපානි ඉම්රාන් එම දඩුවම ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනයෙන් ඉල්ලා තියෙනවා.