රොෂාන් රිද්මා අතරට අළුත් සාමාජිකයෙක්

Ridma-and-Roshan-Pilapitiya-Pregnancy-Shoot-1
ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය ගැන කියන්න තියෙන අළුත්ම කතාව තමයි රොෂාන්ගේ කැදැල්ලට එකතු වන තුන් වැනියා ගැන. ඔන්න මේ දින වල රොෂාන් ඉන්නේ පිය පදවිය ලබන්න සුදානමින්ඉ. පවුලට එකතු වන පළමු දරුවා නිසා රොෂාන් සහ   රිද්මාගේ පුංචි පවුල සම්පුර්ණ වුණා කියලයි රොෂාන් අපිත් එක්ක කිවුවේ.
67559386_2500850496648645_7895135275804786688_nRidma-and-Roshan-Pilapitiya-Pregnancy-Shoot-2
” පුදුමාකාර සතුටක් වගේම ලොකු වගකීමකුත් දැනෙනවා. මේ ටිකේ මම රිද්මා එක්ක මම වැඩියෙන් කාලය ගත කරනවා. එයා වැඩියෙන්ම කන්න ආස වුනේ පැණිරස කෑම. මීපැණි කන්න ගොඩාක් ආසා වුන නිසා මම හොදම මී පැණි හොයලා එයාට ගෙනත් දුන්නා”. ඔන්න ඔහොමයි රොෂාන් තම බිරිද ගැන කියන්නේ.
 තම දරුවා ජනප්‍රිය කෙනෙක් වනවාට වඩා ජීවිතය සමාජය තේරුම් ගත හැකි ජීවිතේට නොබියව මුහුණ දිය හැකි අයෙකු වනු දැකීමයි රොෂාන් ගේ එකම හීනේ.
ඉතිං ඒ හීනෙ ඒ විදියටම සපල වේවායි බොස්ටන් අපිත් සුභ පතනවා.