චන්ද්‍රිකා වෙල්ගම ඇතුළුව මෛත්‍රී ජනපති සටන අරභයි

Maithripala-Sirisena-SLFP (1)
චන්ද්‍රිකා වෙල්ගම ඇතුළුව මෛත්‍රී ජනපති සටන අරභයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ සටන අදින් ඇරඹුණු බව සදහන් කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සැමරුම් උළෙලට එක්වෙමින්.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවීමේ පළමු වගඋත්තරකරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයෙකුට කිසිදු බලයක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි දුරටත්,
ඉදිරියේදී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය හිමිවන්නේ ජනාධිපතිට නොවේ අගමැතිටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්න ඕනේ ඉදිරි අගමැතිවරයෙක් පත් කර ගන්නයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා තනතුරෙන් උසස් අයෙක් ඉදිරියේදී විත්ති කුඩුවේ සිටින අයුරු දකින්නට ලැබෙනවා. පළාත් සභා මැතිවරණයක් නැවත රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතවි ඇති බවත්, එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා බව මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේය.
“තීන්දුව හරි අතට” යන තේමාව යටතේ කොළඹ සුගදදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.10ට ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහභාගී වුණා.
කුමාරතුංග සහ සිරිසේන මෑත කාලයේ හොඳ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම කුමාර වෙල්ගමත් මීළඟ ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.