විදෙස් ජාතික ශ්‍රමිකයන් 28, 591 ලියාපදිංචි වෙයි….

MDG-China-in-Africa-Sen-007

2019 මාර්තු මස වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ජාතික ශ්‍රමිකයන් 28, 591 දෙනෙක් ලියාපදිංචි වී සිටින බවත් විදේශීය ශ්‍රමිකයන් සදහා ලබාදන ක්‍රියාකාරී සේවා නියුක්ති බලපත්‍රද ඔවුන් සඳහා නිකුත් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර 7,991ක්පෞද්ගලික අංශයේ සමාගම් සදහා බලපත්‍ර 10,354ක්බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා බලපත්‍ර 10,077ක්ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා බලපත්‍ර 169ක් නිකුත් කර තිබෙනවා.

 ඒ අතුරින් චීන ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 10,384ක් සහ ඉන්දියානු ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 11,095ක් නිකුත් කර තිබෙනවා.

2019 පෙබරවාරි මස 15 වැනිදා දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නේවාසික වීසා අතර ප්‍රධාන රටවල් 5ක් සඳහා වීසා නිකුත් කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කර ඇති වීසා සංඛ්‍යාවට වැඩි විදෙස් ජාතිකයන් සංඛ්‍යාවක් මෙරට සේවය කරන බවද වාර්තාවනවා.