‘සිහිනයේ ස්වරය’ – උතුරු ඇමරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සදහා වන පළමු රියැලිටි වැඩසටහන.

SY

උතුරු ඇමරිකාවේ  ප්‍රථම වරට පවත්වනු ලබන සිහිනයේ ස්වරය පළමු රියැලිටි ගායන තරඟය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් සදහා විවෘතයි.

බොස්ටන් ලංකාහි සිහින යාත්‍රා සංගීතමය වැඩසටහන හරහා ක්‍රියාත්මක වන සිහිනයේ ස්වරය තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන ගායන හැකියාවන් පිරිපුන් සියලුම ශ්‍රී ලාංකිකයන් සදහා අනර්ඝ අවස්ථාවක් උදාකර දී තිබෙනවා.

ගායනය සදහා දැඩි උනන්දුවක් දක්වන ආධුනික ගායක ගායිකාවන්ගේ දක්ෂතාවයන් සමස්ථ ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙනයාම මෙන්ම ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමේ මුලික පදනම සැකසීම, මෙම වැඩසහන හරහා අපේක්ෂිතයි.

සිහිනයේ ස්වරය අවසන් මහා තරගය නිව්යෝක් හිදී පැවැත්වීමට සියලු කටයුතු මේවන විට සංවිධාන කර ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තරඟකරුවන්ට ඔවුනගේ ගායනා ඉදිරිපත් කල හැකි.

ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රෙය් පුරෝගාමී ප්‍රවීණයන් දෙපළක් වන ජගත් වික්‍රමසිංහ සහ ඉන්දිකා උපමාලි සමඟින් ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය අර්ජුන් බාලසූරිය මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා.

සහභාගීවන තරඟකරුවන්හට මෙම තරඟ පුරාවටම විනිශ්චය මණ්ඩලය වෙතින් සංගීතමය දැනුම ලබා ගත හැකි වන අතර තවද සමස්ථ වේදිකාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව ප්‍රායෝගිකව වර්ධනය කර ගනිමින් ලොව වෙසෙන ප්‍රේක්ෂකයන් හට තම දක්ෂතා එළි දැක්විමට අවස්ථාව උදාවනු ඇති.