විජය කුමාරතුංගයන් සමුගෙන 31 වසරක්….

1 (4) (8)

ලාංකීය සිනමාවේ සිහින කුමරා ලෙස ජනාදරයට පාත්‍ර වූ විජය කුමාරතුංගයන්ගේ අමරණීය කටහඬ අපට අහිමි වී අදට වසර 31ක් වනවා.

1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලැබූ විජය කලා ලොවට පිවිසුනේ1967 වසරේදී.

හන්තානේ කතාව’ තුළින් සිය රංගන හැකියාවන් පෙන්වා පසු කාලයේදී අසීමිත ජනප‍්‍රියත්වයක් ලැබූ විජය හැත්තෑව දශකයේදී ලාංකේය සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තබන්නට දැක්වූ දායකත්වය අතිමහත්.

රිදී තිරයේ සිහින කුමරා ලෙස අභිශේක ලැබූ විජය විටෙක ජනකාන්ත ගායකයෙකු ද වුණා.

සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළ විජය ඒකීය ශ්‍රී ලංකාවක්ජාතීන් අතර සමගියෙන් යුත් සමානාත්මතා සමාජයක් වෙනුවෙන් පෙනී සිටි‍මින් ඒ වෙනුවෙන් මුලු ජීවිතයම කැප කළා.

ජනකාන්ත නළුවකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන් 1988 වසරේ අද වැනි දිනෙක කිරුළපන පොල්හේන්ගොඩදී ඝාතනයට ලක් වුණා.

ලක්ෂ සංඛ්‍යාත සහෘදයන්ගේ සෝ සුසුම්දුක් කඳුළු මැද ඔහු මෙලොව හැර ගියද විජයගේ මිහිරි මතකයන් සදා අමරණීය වනු ඇත.

1 (3) (9)1 (2) (8)1 (1) (8)