මදුෂ් අත්අඩංගුවට

51361415_10156943312738550_8265401232412114944_n (1)

ඩුබායිහි තරු හයේ හෝටලයකදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට කොටුවීමේ සිදුවීම පිළබඳ නවතම වාර්තා ලැබෙමින් පවතිනවා.

එම වැටළීමේදී ප්‍රකට ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නවක ගායක නදීමාල් පෙරේරා මෙන්ම දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය නිසා ප්‍රකට වූ එහි ලයනල් සර්ට රඟපෑ ටෙලිනළු රයන් වැන්රෝයන්ද
සිටීම විශේෂත්වයක්.

මෙම පිරිස අත්අඩංගුවට පත්වන්නේ මාකඳුරේ මදුෂ්ගේ එක් පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් ඩුබායිහි පිහිටි තරු හෝටලයක පවත්වමින් තිබුන සාදයක් අතරතුරයි.

සාදයේ ගීත ගැයීම හා නර්තන අංග සඳහා මාකඳුරේ මදුෂ් හා සමීප ඇසුරක් පවත්වන පෙරකී කලා ශිල්පීන් පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
අත්අඩංගුවට පත් පිරිස අතර සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා සමග කංජිමාන් ඉම්රාන්කෙසෙල්වත්තේ දිනුක,අංගොඩ සුද්දා සහ රනාලේ චුට්ටා යන පාතාල ප්‍රබලයින් 5 දෙනෙක් නිශ්චිත වශයෙන් සිට ඇති අතර ඉතිරි 20 ක පිරිස අවස්ථාව සඳහා ආරාධනා ලද අය හා පාතාල සහචරයින් ලෙස හැසිරෙන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තාවනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෙරොයින් තොගයක් තිබී ඇති බව වාර්තා වුණා.
මෙම වැටළීම ලංකාවට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙනුවෙන් ඩුබායි මෙට්‍රො පොලිසිය සමග ලංකාවේ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කරන ලද්දක් වන අතර අත්අඩංගුවට පත්කිරීම හා එහිදී හසුකරගත් දෑ පිලිබඳ මූලික විමර්ශනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නීතිරීති අනුව සිදුවනු ඇතැයි වාර්තාවනවා.

එරට නීති අනුව මත්ද්‍රව්‍ය සමග හසුවීම මරණීය දණ්ඩනයට යටත්වන වරදක් වන අතර ඉතා කෙටි කාලයකින් එම තීන්දුව ලබාදීමේ ක්‍රමවේදයක්ද පවතිනවා. මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.
අත්අඩංගුවට පත්වීමෙන් පසු සියල්ලන් හෝටල් කාමරයක ඉන්දවා ලබා ගත් ජංගම දුරකථන ඡායාරූප කිහිපයක් පහතින්

51361415_10156943312738550_8265401232412114944_n (1) 51607254_10156943288588550_6843507637116469248_n43408181_1949902431736922_3494277790209933312_n