fonsek
අද (04) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ තමා අමාත්‍යධුරයකට නිර්දේශ වී සිටියදී එය ලබා නොදීමත්, ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ලැබිය යුතු ගෞරවය නොලැබීමත් යන හේතු මත අද ජාතික දින සැමරුම් උලෙළට සහභාගි නොවුණු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුගේ නිදහස  ආරක්ෂා නොවන තැනකට ගොස් රටේ නිදහස ගැන කථා කිරීමට නොහැකි බවයි.
ෆීල්ඩ් මාර්ෂල් නිලයට ගරු නොකරන සහ හමුදා විනය කඩකරන ස්ථානයක ගොස්  සිටීමට නොහැකි නිසාවෙන්  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික දින සැමරුම් උලෙළ වර්ජනය කළ බව පැවසීය.
එමෙන්ම මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත්  මීට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිටි ස්ථානයේ  අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් මේ වැනි හේතු නිසා අද ජාතික දින සැමරුම් වර්ජනය කළ බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර අඩු කළ හැකි බැවින් එවැන් තත්ත්වයක් වලක්වා ගැනීම ජාතික ආණ්ඩු යෝජනාවේ අරමුණ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.